ඔයා ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරන කෙනෙක්ද? නැත්නම් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද? එහෙනම් මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න. ඕස්ට්‍රේලියානු රජය Migrant Workers ලව සූරාකන (Exploit කරන) Employers ලට සහ Labour hire organisations වලට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න තීරණය කරලා තියෙනවා.
Employers ලට කරන්න තහනම් සහ නීති විරෝධී දේවල් මොනවද?
ඕස්ට්‍රේලියාවේ නීතියට අනුව පහත සඳහන් දේවල් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධියි:
සේවකයාගේ Passport එක Employer ළඟ තබා ගැනීම.
Visa එක Cancel කරනවා කියලා හෝ Immigration authorities වලට Report කරනවා කියලා තර්ජනය කිරීම.
Visa එකෙන් අවසර දීලා තියෙන පැය ගාණට වඩා වැඩ කරන්න බල කිරීම.
අනාගත Visa applications වලට බලපෑම් කරනවා කියා තර්ජනය කිරීම.
අනාරක්ෂිත සහ අපිරිසිදු (Unsafe, dirty or crowded) ස්ථාන වල ජීවත් වෙන්න බල කිරීම.
නියමිත පඩියට වඩා අඩුවෙන් ගෙවීම (Underpaying).
Sponsorship, nomination හෝ recruitment costs සේවකයාගෙන් නැවත ඉල්ලීම.
Visa sponsorship එකක් දෙනවාට සල්ලි ඉල්ලීම.
සේවකයින්ට ලිංගික හිරිහැර (Sexual harassment) කිරීම.
ඔයාගේ Visa නීති කැඩිලා තිබුණත් ඔයාට ආරක්ෂාවක් තියෙනවා.
ගොඩක් අය බය වෙන දෙයක් තමයි තමන්ගේ Visa එකේ ප්‍රශ්නයක් තිබුණොත් මේවා ගැන කතා කරන්න බැහැ කියන එක. ඒත් ඕස්ට්‍රේලියානු නීතියට අනුව ඔයා Paid හෝ Unpaid training එකක හිටියත්, ඔයා අතින් Visa rules කැඩිලා තිබුණත්, එහෙමත් නැත්නම් Valid Australian visa එකක් නැති වුණත් ඔයාව සූරාකෑම (Exploitation) සම්පූර්ණයෙන්ම නීති විරෝධියි.

Temporary Sponsored Skilled Workers ලට අමතර ආරක්ෂාව
ඔයා Temporary Sponsored Skilled Worker කෙනෙක් නම් ඔයාගේ Employer අනිවාර්යයෙන්ම sponsorship obligations සම්පූර්ණ කරන්න ඕනේ.
අවසර දීපු Job role එකෙන් පිට වෙනත් වැඩ වලට ඔයාව යොදවන්න බැහැ.
Visa එක grant වෙද්දී එකඟ වුණු Salary එකට වඩා අඩුවෙන් ගෙවන්න බැහැ.
Visa හෝ migration agent costs ඔයාගේ පඩියෙන් කපාගන්න බැහැ.
අසාධාරණයක් වුණොත් කොහොමද Report කරන්නේ?
ඔයාට හරි ඔයා දන්න කෙනෙක්ට හරි මේ වගේ අසාධාරණයක් වෙනවා නම් බය වෙන්න එපා. ඔයාගේ නම ගම (Identity) හෙළි නොකරම මේවා Report කරන්න ඔයාට පුළුවන්!
Fair Work Ombudsman (FWO): Salary Issues, නිවාඩු ප්‍රශ්න (Leave entitlements) සහ Discrimination ගැන Report කරන්න.
Border Watch: Passport එක තියාගෙන ඉන්නවා නම්, Visa එකට තර්ජනය කරනවා නම් හෝ අනාරක්ෂිත තැන්වල ඉන්න බල කරනවා නම් Report කරන්න.

නීතිය කඩන Employers ලට මොකද වෙන්නේ?
මේ නීති කඩන Employers ලට සහ Labour hire companies වලට ලොකු දඩ මුදල් (Large fines) වගේම හිර දඬුවම් (Jail) පවා ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ව ප්‍රසිද්ධියේ නම් කරලා (Publicly named), ආයේ කවදාවත් Temporary migrant workers ලව hire කරන්න බැරි වෙන්න Ban කරන්නත් රජයට බලය තියෙනවා.
🔗 Source / වැඩිදුර තොරතුරු සඳහා: https://immi.homeaffairs.gov.au/visas/employing-and-sponsoring-someone/migrant-worker-protections?fbclid=IwY2xjawVWUgNleHRuA2FlbQIxMABwZG9mBWJyaWQRMU9teUg1ZFZsZzdMVHZ2eXFzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEfsrjri6tQcj9Xeh1cjscBP95F4VablAPFKRUKg36keNrlbhujACU7tzFjAHw_aem_fekj9lukcMMiHKy4DxjtAQ