2026 Skytrax World Airline Awards සම්මාන උළෙල පැවති අතර එහිදී ගෝලීය ගුවන් සේවා 320කට අධික සංඛ්‍යාවක් අතුරින් මිලියන ගණනක් මගීන්ගේ අදහස් (passenger satisfaction surveys) මත පදනම්ව තෝරාගත් මෙම ලැයිස්තුව ඉදිරිපත් කර තිබෙනවා.
2026 වසරේ හොඳම Airlines (Top Winners)
Singapore Airlines: වසර දෙකක් පුරා Qatar Airways සතුව තිබූ පළමු ස්ථානය ලබා ගනිමින් 2026 World’s Best Airline කිරුළ දිනාගැනීමට Singapore Airlines සමත් වුණා. මීට අමතරව World’s Best Economy Class සහ Best Onboard Catering සම්මාන ද ඔවුන් සතු වුණා.
Qatar Airways: මෙවර දෙවන ස්ථානයට පත්වූ Qatar Airways විසින් World’s Best Business Class, Best Business Class Lounge සහ අලුතින්ම හඳුන්වාදුන් World’s Best Onboard Wi-Fi යන ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම දිනාගත්තා.

Australian Airlines වල තත්ත්වය කොහොමද?
Qantas Airways: Qantas මෙවර ලෝකයේ 12 වන ස්ථානයට පත්වී තිබෙනවා. Top 10 වලට ඇතුලත් වීමට මදක් අපොහොසත් වුණත්, මෙය පසුගිය වසරට වඩා ස්ථාන 2ක ඉදිරියට පැමිණීමක් (2024 දී ඔවුන් සිටියේ 24 වන ස්ථානයේයි). එසේම Australia Pacific කලාපයේ හොඳම ගුවන් සේවය (Best Airline in Australia Pacific region) සහ හොඳම කාර්ය මණ්ඩල සේවය (Best Airline Staff Service) යන සම්මාන ද්විත්වයම තබාගැනීමට Qantas සමත් වුණා.
Virgin Australia: ස්ථාන 3ක් පසුපසට යමින් 37 වන ස්ථානය ලබාගත්තා. නමුත් World’s Best Regional Airlines කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ඔවුන්ට හැකි වුණා.
Jetstar: ලෝකයේ 88 වන ස්ථානයේ රැඳී සිටින Jetstar, Australia වේ හොඳම අඩු වියදම් ගුවන් සේවය (Best Low-Cost Airline in Australia) ලෙස තවදුරටත් තම කිරුළ රැකගෙන තිබෙනවා.

2026 ලොව හොඳම ගුවන් සේවා 10 (Top 10)
- Singapore Airlines
- Qatar Airways
- Cathay Pacific Airways
- ANA All Nippon Airways
- Turkish Airlines
- Emirates
- Air France
- Hainan Airlines
- Japan Airlines
- Korean Air