යුරෝපෙන් පිට සුපිරිම රට ඔස්ට්‍රේලියාව! 2026 ලෝකෙ හොඳම රටවල් list එකේ 14 වෙනි තැනට

ලෝක ප්‍රකට U.S. News & World Report මඟින් නිකුත් කරන ලද 2026 Best Countries ශ්‍රේණිගත කිරීම්වලදී ලොව රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් අතුරින් 14 වන ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව (Australia) සමත්ව තිබෙනවා.

මෙවර ශ්‍රේණිගත කිරීමේ සුවිශේෂීම කාරණය වන්නේ යුරෝපීය නොවන රටවල් (Non-European countries) අතරින් ලොව ඉහළින්ම ස්ථානගත වූ රට බවට ඔස්ට්‍රේලියාව පත්වීමයි. සිංගප්පූරුව (16), ජපානය (17), ඇමරිකා එක්සත් ජනපදය (18), කැනඩාව (19) සහ නවසීලන්තය (21) වැනි බලවත් රටවල් පවා පසුපසට ඇද දමමින් ඔස්ට්‍රේලියාව මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා.

තම 10 වන සංවත්සරය සනිටුහන් කරමින් U.S. News & World Report ආයතනය මෙවර පුද්ගලික මත විමසුම් (subjective surveys) වෙනුවට 100% data-driven ප්‍රවේශයක් භාවිත කර තිබෙනවා. රටවල් 100ක් ආවරණය වන පරිදි indicators 100ක් ඔස්සේ ඇගයීම සිදු කරනවා.Governance, Economic Development, Health සහ Environment ඇතුළු ප්‍රධාන කාණ්ඩ 8ක්.ජනතාවගේ ජීවන තත්ත්වය (Quality of Life) නිවැරදිව මැන බැලීම සඳහා අලුතින් එක් කළ National well-being subcategories 24ක් සලකා බලා තියෙනවා.

Health අංශයෙන් ලොව 6 වන තැන හිමි වෙලා තියෙනවා!
ඔස්ට්‍රේලියාවේ කැපී පෙනෙන සාර්ථකත්වය වාර්තා වී ඇත්තේ Health (සෞඛ්‍ය) අංශයෙනි. එහිදී ලොව 6 වන ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වෙනවා. විශිෂ්ට Public health preparedness, උසස් Healthcare පද්ධතිය ,ඉහළ ආයු අපේක්ෂාව (Longevity) සහ අඩු මරණ අනුපාතිකය (Low mortality rates) ආදිය හේතු සාධක ලෙස සදහන් වෙනවා.

ස්විට්සර්ලන්තය (Switzerland) ආර්ථික සංවර්ධනය සහ රාජ්‍ය පාලනය යන අංශවලින් පළමු තැන ගනිමින් 2026 වසරේ ලොව හොඳම රට ලෙස කිරුළ පළඳින ලදී. පළමු රටවල් 25න් 18ක්ම යුරෝපා රටවල් වීම විශේෂත්වයකි.

 

Don't forget to share this post!

Recent Posts