ඕස්ට්‍රේලියාවේ අලුත් ගෙදරක් හොයන ගොඩක් අයට දැන් ගෙදර ඇතුළේ තියෙන දේවල් වලට වඩා ගෙදර වටපිටාවේ තියෙන දේවල් ගොඩක් වැදගත් වෙලා තියෙනවා. Exercise කරන්න, එළියේ relax වෙන්න, අසල්වැසියෝ හම්බවෙන්න වගේම එදිනෙදා වැඩ ටික ලේසියෙන්ම කරගන්න පුළුවන් environment එකක් තියෙනවා නම් කවුද අකමැති නේද?
Melbourne වල north-west පැත්තේ තියෙන Sunbury වල අලුතින් හැදෙන Redstone project එක මේ concept එකට හොඳම උදාහරණයක්. Villawood Properties ලා හදන මේ ලොකු master-planned development එකේ homesites 2500ක් විතර තියෙනවා. මෙතන land, house-and-land packages වගේම parklands, childcare, ඉස්සරහට හැදෙන schools සහ විශේෂයෙන්ම residents-only club එකක් එකම තැනකින් බලාගන්න පුළුවන්.

Location එකේ තියෙන වාසි
Sunbury කියන්නේ දැනටමත් හොඳින් establish වෙච්ච ලස්සන town එකක්. මෙතන ඉඳන් Melbourne Airport එකට විනාඩි 15යි, CBD එකට විනාඩි 40යි යන්නේ (by car). මේ area එකේ property market එකත් දැන් ගොඩක් හොඳයි. ඒ නිසා first-home buyers ලා, පොඩි ගෙවල් හොයන downsizers ලා වගේම Sunbury වලම හැදිලා වැඩිච්ච අයත් Redstone වල ගෙවල් ගන්න ලොකු interest එකක් දක්වනවා. Redstone එකේ Club Redstone එක දැන් open කරලා තියෙනවා. මේක residents ලට විතරක්ම use කරන්න පුළුවන් exclusive hub එකක් ද තියෙයි.
මොනවද මේකේ තියෙන්නේ?
- 25-metre lap pool එකක්, leisure pool එකක් සහ ළමයින්ට splash pad එකක්
- Gym එකක් සහ infrared saunas දෙකක්
- Multi-sports court එකක්
- Parents’ lounge, function room සහ BBQ area එකක්
- ‘The Hills’ Cafe: Redstone residents ලා දෙන්නෙක්ම (Alex & Christina) run කරන ලස්සන cafe එකක්.
- Aspire Early Education: ළමයිව බලාගන්න childcare centre එකක්.
මේක නිකම්ම facilities ගොඩක් එක තැනකට දාපු තැනක් නෙවෙයි. Residents ලට දවසේ ඕනෑම වෙලාවක ඇවිල්ලා enjoy කරන්න, neighbors ලා එක්ක කතාබහ කරලා හොඳ community එකක් හදාගන්න පුළුවන් තැනක්.
උදාහරණයක් විදිහට ඔයාට උදේම childcare එකට ළමයාව drop කරලා, gym ගිහින්, sauna එකක් දාලා ඊටපස්සේ cafe එකෙන් coffee එකක් බොන්න පුළුවන්. ඒ තරමටම මේක convenient.

Nature එකයි Convenience එකයි ළඟින්ම
දැන් ගොඩක් අය කැමති “20-minute neighbourhoods” වලට. ඒ කියන්නේ තමන්ට ඕන කරන groceries, medical facilities, parks, cafes වගේ හැමදේම විනාඩි 20ක දුරින් තියෙනවට. Redstone මේ balance එක නියමෙටම maintain කරනවා.
එක්පැත්තකින් Mount Macedon වල ලස්සන views, Jacksons Creek එකේ nature එක වගේම, අනිත් පැත්තෙන් ඉස්සරහට හැදෙන Sunbury South town centre එක නිසා full-line supermarket එකකුත් ගොඩක් ළඟින්ම එන්න තියෙනවා. ඒ නිසා එදිනෙදා වැඩ වලට දුර යන්න ඕනේ වෙන්නේ නැහැ.
තවමත් මේ project එක හැදීගෙන යන ගමන් තිබුණත් (දැනටමත් lots 700ක් විතර අරගෙන ඉවරයි), Club Redstone වගේ major asset එකක් මුලින්ම open කරපු එක residents ලට ලොකු වාසියක්. අලුත් ගෙදරක හොඳම කොටස ගෙදරින් එළියේ තියෙන්න පුළුවන් කියන එක Redstone වලින් ඇත්තක් කරලා පෙන්නලා තියෙනවා.
Credits: realestate.com.au