ඕස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරු රෝගීන්ගෙන් ගසාකනවාද? ගාස්තු වැඩිවීමට ඇත්තම හේතුව මෙන්න!

ඕස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍ය ගාස්තු අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් වාර්ෂිකව 800,000 කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් සිය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කිරීම හෝ මඟහැරීම සිදු කරන බව Grattan ආයතනය විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළි වී තිබේ.

මූලික කරුණු සහ ගාස්තු ඉහළ යාම
පසුගිය වසර තුළ සියලුම විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු උද්ධමනයට අමතරව 4% කින් ඉහළ ගොස් ඇත.
මනෝ වෛද්‍ය (Psychiatry) ගාස්තු 20% කින් ද, චර්ම රෝග (Dermatology) විශේෂඥ ගාස්තු 7% කින් ද ඉහළ ගොස් තිබේ.
මිල අධිකම 5% ක් වන මනෝ වෛද්‍යවරුන්ගේ මූලික උපදේශන ගාස්තුව ඩොලර් 669ක් දක්වාත්, ළමා රෝග විශේෂඥ ගාස්තුව ඩොලර් 362ක් දක්වාත්, හෘද රෝග විශේෂඥ ගාස්තුව ඩොලර් 265ක් දක්වාත් ඉහළ ගොස් ඇත.
මිලියන 2 කට අධික ජනතාවකට වාර්ෂිකව අවම වශයෙන් එක් වරක් හෝ මෙවැනි අසාමාන්‍ය ලෙස ඉහළ වෛද්‍ය ගාස්තු (extreme fees) ගෙවීමට සිදු වේ.

ගාස්තු ඉහළ යාමට හේතු:

රජයේ Medicare සහනාධාර පසුගිය වසර 3 තුළ 8.7% කින් ඉහළ ගොස් ඇති නමුත්, ඊට සාපේක්ෂව විශේෂඥ ගාස්තු 30.6% කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම සායනවල වියදම් 30%කින් වැඩිවෙද්දී ඔවුන්ගේ ලාභය 70% කින් වර්ධනය වී තිබේ. මෙය කිසිදු පාලනයකින් තොරව ක්‍රියාත්මක වන වෙළඳපොළක ප්‍රතිඵලයක් බව ඔවුන් පෙන්වා දෙයි.ඒවගේම ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය පවසන්නේ මේ සඳහා වෛද්‍යවරුන්ට දොස් පැවරිය නොහැකි බවත්, ප්‍රමාණවත් නොවන Medicare ප්‍රතිපාදන, රක්ෂණ ගැටළු සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් වියදම් මීට බලපා ඇති බවත්ය.

මේවා සදහා නියමිත Medicare ගාස්තුව මෙන් තුන් ගුණයකට වඩා අසාධාරණ ලෙස අය කරන වෛද්‍යවරුන්ට දඩ පැනවීම හෝ සහනාධාර ආපසු ගෙවීමට නීති ගෙන ඒම. (මෙය බලපාන්නේ සමස්ත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 6% කට පමණි).
රජයේ සායන පුළුල් කිරීම, තවත් විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම සහ සාමාන්‍ය වෛද්‍යවරුන්ට (GPs) විශේෂඥ උපදෙස් ලබාගැනීම පහසු කිරීම මගින් විසදුම් ලෙස ඉදිරිපත් කර තිබේ.

 

 

 

Don't forget to share this post!

Recent Posts