Melbourne ඉදන් Sydney යන්න $10 ට බස් ටිකට් එකක්! FlixBus 1st Anniversary Offer එක මෙන්න

ඔන්න Australia වල ඉන්න අයට විශේෂයෙන්ම travel කරන්න කැමති අයට සුපිරි ආරංචියක්! Europe වල backpackers ලා අතරේ ගොඩක් ජනප්‍රිය වුණ ලා කොළ පාට FlixBus එක දැන් Australia වලත් ඔවුන්ගේ සේවාවන් ලබා දෙනවා. ඔවුන් Australia වලට ඇවිත් අවුරුද්දක් පිරීම නිමිත්තෙන් (1st birthday in Australia), $10 වගේ ඉතාමත් සුළු මුදලකට Melbourne සහ Sydney අතර ගමන් කරන්න නියම අවස්ථාවක් ලබා දීලා තියෙනවා.

Offer එක ගැන විස්තර:
සාමාන්‍යයෙන් මේ ගමනට $62.99 ක් පමණ මුදලක් වැය වෙනවා. නමුත් මේ “1st birthday seat sale” එක යටතේ East Coast එකේ තියෙන සියලුම direct FlixBus routes වල ගමන් ආරම්භ වෙන්නේ ඩොලර් 10 න්. Melbourne සිට Sydney දක්වා (Albury සහ Canberra වලත් නවත්වනවා) වගේම, Sydney’s Central Station, International හෝ Domestic Airport දක්වාත් මේ සේවාව ක්‍රියාත්මකයි.

Book කරගන්නේ කොහොමද සහ කවදාටද?

Sale Period: මෙම විශේෂ දීමනාව නොවැම්බර් 10 සිට නොවැම්බර් 23 දක්වා පමණක් වලංගු වේ.

Travel Dates: ඔයාට 2026 නොවැම්බර් 10 ඉඳන් 2027 අප්‍රේල් 30 දක්වා කාලය ඇතුළත ඕනෑම දවසක ගමන් කරන්න ටිකට් book කරගන්න පුළුවන්.

How to book: විශේෂ discount codes කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම FlixBus website එකෙන් හෝ ඔවුන්ගේ App එක හරහා ගිහින් ටිකට් එක book කරගන්න පුළුවන්.

Budget වුණාට පහසුකම් වල අඩුවක් නෑ!
Flight එකක යනවට වඩා මේ බස් ගමනට පැය 11ක් පමණ කාලයක් ගත වෙනවා. නමුත් මේ budget experience එක කිසිසේත්ම basic නැහැ. ගමන පුරාවටම පහත පහසුකම් ඔයාට ලැබෙනවා.

Free Wi-Fi /Power outlets (ෆෝන්/ලැප්ටොප් චාජ් කරගන්න) /පහසු Reclining seats සහ Toilets පහසුකම් /Luggage Allowance: 7kg carry-on බෑග් එකක් සහ 20kg බැගින් වූ බෑග් 2ක් (stowed luggage) අරගෙන යන්නත් ඔයාට පුළුවන්.

 

මීට අමතරව, ගුවන් යානයක යනවාට වඩා මේ බස් ගමන මගින් individual carbon footprint එක 90% කින් පමණ අඩු කරන නිසා, මේක ගොඩක් Eco-friendly travel option එකක් කියලත් කියන්න පුළුවන්. ඉතින් සල්ලිත් ඉතුරු කරගෙන, සැපට Melbourne ඉඳන් Sydney යන්න කැමති අයට මේක මගඇරගන්න එපා.

source/Picture credit : TimeOut Melbourne

Don't forget to share this post!

Recent Posts