2026 වසරේ පැවැත්වීමට නියමිත වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය (Victorian State Election) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින වික්ටෝරියානු ඡන්දදායකයින් සඳහා කල්තියා ඡන්දය ප්‍රකාශ කිරීමේ (Early Voting) පහසුකම් කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය (Australian High Commission) මඟින් සලසා දී තිබෙනවා.
මීළඟ වික්ටෝරියානු පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීමේ ප්‍රධාන ඡන්ද විමසීම 2026 නොවැම්බර් 28 වන සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත අතර, මැතිවරණ දින විදේශගතව සිටින ඡන්දදායකයින්ට In-Person Pre-poll Voting හෝ Postal Voting ක්‍රමය ඔස්සේ සිය ඡන්දය ප්‍රකාශ කළ හැකි බව නිවේදනය කරනවා.

In-Person Early Voting (පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීම)
මැතිවරණ දිනය වන නොවැම්බර් 28 වන සෙනසුරාදා දින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විවෘත නොවන බැවින්, ඡන්දදායකයින්ට ඊට පෙර දිනවලදී කාර්යාලයට පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා තිබෙනවා.
ස්ථානය: Australian High Commission in Colombo (21, ආර්. ජී. සේනානායක මාවත, කොළඹ 00700)
දිනයන් සහ වේලාවන්:
නොවැම්බර් 24 (අඟහරුවාදා): පෙ.ව. 10:00 සිට ප.ව. 3:00 දක්වා
නොවැම්බර් 25 (බදාදා): පෙ.ව. 10:00 සිට ප.ව. 3:00 දක්වා
නොවැම්බර් 26 (බ්‍රහස්පතින්දා): පෙ.ව. 10:00 සිට ප.ව. 3:00 දක්වා
විශේෂ දැනුම්දීම: මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට පෙර ඡායාරූප සහිත හැඳුනුම්පතක් (Photographic Identification) ඉදිරිපත් කළ යුතු අතර ආරක්ෂක පරීක්ෂාවකට (Security Scanning) ලක්විය යුතු වෙනවා.
Postal Voting (තැපැල් ඡන්ද ක්‍රමය)
තැපැල් මඟින් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඡන්දදායකයින්ට Victorian Electoral Commission (VEC) නිල වෙබ් අඩවිය හරහා ඒ සඳහා අයදුම් කළ හැකි අතර ඡන්ද පත්‍රිකා කට්ටලය (Ballot Pack) විද්‍යුත් තැපෑල (Email) මඟින් ලබා ගැනීමට ඉල්ලුම් කළ හැකිය.
භාරදීම: සම්පූර්ණ කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා කොළඹ මහ කොමසාරිස් කාර්යාලයේ ලිපිනයට තැපැල් මඟින් යැවීමට හෝ ඉහත සඳහන් කළ Pre-poll වේලාවන් තුළදී කාර්යාලයට ගෙනවිත් භාරදීමට හැකිය.
අවසාන දිනය: සියලුම තැපැල් ඡන්ද පත්‍රිකා නොවැම්බර් 26 වන බ්‍රහස්පතින්දා පස්වරු 3:00ට පෙර කොළඹ මහ කොමසාරිස් කාර්යාලය වෙත ලැබිය යුතුය.
විද්‍යුත් තැපෑලෙන් ලැබෙන Reply-paid ක්‍රමවේදය ඔස්සේ ඕස්ට්‍රේලියාවේ VEC වෙත සෘජුවම තැපැල් කිරීමටද අවස්ථාව ඇති අතර, වෙනත් කුරියර් හෝ තැපැල් සේවාවක් භාවිතා කරන්නේ නම් ඊට අදාළ වියදම් ඡන්දදායකයා විසින් දැරිය යුතුය.

වැඩිදුර තොරතුරු සහ විමසීම්
ඡන්ද හිමි නාමලේඛනය පරීක්ෂා කිරීම සහ යාවත්කාලීන කිරීම VEC නිල වෙබ් අඩවියෙන් සිදු කළ හැක.
විදේශගතව සිටීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි ඡන්දදායකයින් VEC වෙබ් අඩවිය හරහා ‘Away from Victoria’ form සම්පූර්ණ කළ යුතුය.
විමසීම් සඳහා විද්‍යුත් තැපෑල: consular.colombo@dfat.gov.au
වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න: https://srilanka.embassy.gov.au/clmb/clmb.html