මෑතකදී නිකුත් වූ Australian Bureau of Statistics දත්ත වලට අනුව පසුගිය සැප්තැම්බර් කාර්තුවේදී නව නිවාස ණය (new home loans) ලබාගැනීම 15% කින් පහත වැටී තිබෙනවා. මෙහිදී තමන්ට ජීවත්වීමට නිවාස ගන්නා අයගේ (owner-occupiers) ණය අඩුවී ඇත්තේ 5% කින් පමණක් වුවත්, ආයෝජනයක් ලෙස නිවාස ගන්නා අයගේ (property investors) ණය ලබාගැනීම 31% කින් වාර්තාගත ලෙස පහත වැටී ඇත. ඊට අමතරව මේ වසරේ මාර්තු මාසයේ සිට නිවාස මිලද 6.7% කින් පහත වැටී ඇති අතර, මෙය වසර 40ක් තුළ සිදුවූ වේගවත්ම කඩාවැටීමයි.

මෙම තත්ත්වය සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මේ වසර තුළ 5 වතාවක් පොලී අනුපාත (interest rates) ඉහළ දැමීම, රජය විසින් හඳුන්වා දුන් නව negative gearing සහ capital gains tax වෙනස්කම් සහ ඉදිරියේදී නිවාස මිල තවත් අඩුවෙයි කියන market expectations ය. RBA Governor Michele Bullock පවා ප්‍රකාශ කරන්නේ සාමාන්‍ය rate hikes වලදී සිදුවනවාට වඩා විශාල කඩාවැටීමක් මෙවර investor demand එකේ දක්නට ලැබෙන බවත් ඊට ප්‍රධාන හේතුව රජයේ නව tax changes බවත්ය.

කෙසේ වෙතත් මේ පිළිබඳව විවිධ පාර්ශවයන් දරන්නේ වෙනස් අදහස්ය. Housing Minister Clare O’Neil පවසන්නේ මෙම නව බදු නීති හරහා investors ලාට වඩා සාමාන්‍ය ජනතාවට (විශේෂයෙන්ම first home buyers ලාට) නිවාස ලබාගැනීමට ඇති ඉඩකඩ වැඩි වී ඇති බැවින් මෙය යහපත් ප්‍රවණතාවයක් බවයි. නමුත් Liberal Housing Spokesperson Andrew Bragg සහ Master Builders Australia වැනි පාර්ශවයන් පෙන්වා දෙන්නේ ණය ලබාගැනීම අඩුවීමෙන් housing market එකේ විශාල කඩාවැටීමක් (confidence tanked) සිදුවී ඇති බවත්, මෙය ඉදිකිරීම් ක්ෂේත්රයට අහිතකර ලෙස බලපාමින් ඉදිරියේදී තත්ත්වය තවත් දරුණු විය හැකි බවත්ය.
-ABC News-