ඔස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව (Department of Foreign Affairs and Trade – DFAT) මඟින් පිරිනමනු ලබන Australia Awards Scholarships යනු ශ්‍රී ලාංකික වෘත්තිකයන් සහ අනාගත නායකයන් සඳහා ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි (Master’s Degree) අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම නොමිලේ හැදෑරීමට ලැබෙන කදිම අවස්ථාවකි.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට සහ ප්‍රතිපත්ති සම්පාදනයට දායක විය හැකි නායකත්ව හැකියාවන් සහිත පුද්ගලයින් සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

ශිෂ්‍යත්වයෙන් ආවරණය වන මූල්‍ය සහ අනෙකුත් වරප්‍රසාද (Key Benefits)
මෙම ශිෂ්‍යත්වය ලබා ගන්නා සිසුන්ට ඔස්ට්‍රේලියාව තුළ අධ්‍යයන කාලය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පහත ප්රතිලාභ හිමි වේ.
- සම්පූර්ණ පාඨමාලා ගාස්තුව (Full Tuition Fees) නිදහස් කිරීම.
- ගුවන් ගමන් වියදම්: අධ්‍යයන ආරම්භයේදී ඔස්ට්‍රේලියාවට යාමට සහ පාඨමාලාව අවසානයේ නැවත පැමිණීමට ගුවන් ප්‍රවේශපත්‍ර (Return Airfare).
- ජීවන වියදම් දීමනාව (Contribution to Living Expenses – CLE): ඔස්ට්‍රේලියාව තුළ නවාතැන් සහ දෛනික වියදම් සඳහා නිශ්චිත මුදලක්.
- එක්වරක් පමණක් ලැබෙන මූලික වියදම් දීමනාව (Establishment Allowance): එහි ගොඩබැසීමෙන් පසු මූලික අවශ්‍යතා සම්පාදනය සඳහා.
- සෞඛ්‍ය රක්ෂණය: අධ්‍යයන කාලය පුරාවටම Overseas Student Health Cover (OSHC).
- හැඳින්වීමේ සහ අමතර අධ්‍යයන සහාය (Introductory Academic Program & Supplementary Academic Support).
- ක්ෂේත්‍ර අධ්‍යයන (Fieldwork) අනිවාර්ය වන පාඨමාලා සඳහා විශේෂ දීමනා.
අයදුම් කළ හැකි ප්‍රධාන ක්ෂේත්‍ර (Priority Fields of Study)
ශ්‍රී ලංකාවේ වර්තමාන සංවර්ධන ඉලක්කයන් පදනම් කරගනිමින් පහත ක්ෂේත්‍ර ප්‍රමුඛතා ලෙස නම් කර ඇත.
- Climate Change and Disaster Risk Reduction (දේශගුණික විපර්යාස සහ ආපදා අවම කිරීම)
- Economic Development (ආර්ථික සංවර්ධනය)
- Education (අධ්‍යාපනය)
- Gender Equality, Disability and Social Inclusion (ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, ආබාධිත පුද්ගල සහ සාමාජික ඇතුළත් කිරීම්)
- Governance (යහපාලනය සහ රාජ්‍ය කළමනාකරණය)
- Inclusive Growth and Stability (සමබර ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වය)

මූලික සුදුසුකම් (Eligibility Criteria)
ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
මූලික උපාධිය: ඔස්ට්‍රේලියානු උපාධියකට (Bachelor’s Degree) සමාන පිළිගත් මූලික උපාධියක් සම්පූර්ණ කර තිබීම.
සේවා පළපුරුද්ද: රාජ්‍ය අංශයේ අයදුම්කරුවන්: උපාධිය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර 3 ක සේවා පළපුරුද්දක් තිබිය යුතු අතර, ඉන් වසර 2 ක් තමන් හදාරන ක්ෂේත්රයට අදාළ විය යුතුය. සේවය ස්ථිර කර තිබිය යුතුය.
පෞද්ගලික සහ රාජ්‍ය නොවන (Civil Society/NGO) අංශ: උපාධිය ලබා ගැනීමෙන් පසු තමන් හදාරන ක්ෂේත්රයට අදාළව අවම වශයෙන් වසර 3 ක පශ්චාත් සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව: වලංගු IELTS, TOEFL හෝ PTE ලකුණු ඉදිරිපත් කළ යුතුය (ප්‍රමුඛතා දිස්ත්‍රික්ක සහ ආබාධිත ප්‍රජාව නියෝජනය කරන අයට විශේෂ ලකුණු ලිහිල් කිරීම් හිමි වේ).
විශේෂ කොන්දේසිය: පාඨමාලාව අවසන් වූ පසු ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා කොන්දේසි අනුව අවම වශයෙන් වසර දෙකක (2 years) කාලයක් නැවත ශ්‍රී ලංකාවට පැමිණ සේවය කිරීම අනිවාර්ය වේ.
කාන්තාවන්, ආබාධිත ප්‍රජාව සහ පහත නම් කර ඇති ප්‍රමුඛතා දිස්ත්‍රික්කවල (Priority Districts) සේවය කරන පුද්ගලයින් අයදුම් කිරීමට දැඩිව දිරිමත් කෙරේ.අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, පුත්තලම, රත්නපුර, නුවරඑළිය.
අයදුම් කිරීමේ ක්‍රියාවලිය (How to Apply)
සියලුම අයදුම්පත් Online Australia Awards Scholarships Information System (OASIS) වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව (online) පමණක් ඉදිරිපත් කළ යුතුය.
අයදුම්පත් සාමාන්‍යයෙන් සෑම වසරකම පෙබරවාරි 01 වන දින විවෘත වන අතර අප්‍රේල් 30 වන දින අවසන් වේ. 2027 වසර Scholars පසුගියදා ලබා දුනි.ඉදිරි වසර සහ ශිෂත්ව ලබා දීමේ අයදුම් පත් 2027 ආරම්භයේදී open කරයි.එම නිසා ඒ පිලිබදව සැලකිල්ලෙන් සිටින්න.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි (උපාධි සහතික, Academic Transcripts, CV, Employment Letter, නිර්දේශ ලිපි / Referee Reports, සහ Development Impact and Linkages Plan – DILP) නිසි පරිදි සහතික කර (certified) PDF ලෙස Upload කළ යුතුය.
නිල මූලාශ්‍ර සහ වැඩිදුර තොරතුරු ලබා ගන්න පිවිසෙන්න .(Official References & Contact)
https://www.dfat.gov.au/sites/default/files/australia-awards-sri-lanka-information-for-intake.pdf
https://australiaawardssouthasiamongolia.org/scholarships/
https://www.dfat.gov.au/about-us/publications/australia-awards-scholarships-policy-handbook