ඕස්ට්‍රේලියානු බොක්ස් ඔෆිස් ආදායම ඉහළ මට්ටමක පැවතුණද එරට ප්‍රාදේශීය සිනමා ශාලා 243ක තිර 854කට ආසන්න සංඛ්‍යාවක ඩිජිටල් ප්‍රොජෙක්ටර් යන්ත්‍ර (digital projection equipment) කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමට සිදුව තිබීම බරපතල අභියෝගයක් වී තිබේ. මීට වසර දශකයකට පෙර 35mm චිත්‍රපට ක්‍රමයෙන් ඩිජිටල් තාක්ෂණයට හැරවීමේදී ස්ථාපනය කරන ලද මෙම උපකරණවල ආයු කාලය අවසන් වීම සහ ඒවායේ මිල ගණන් කුඩා ප්රජාවකට දැරිය නොහැකි තරම් ඉහළ වීම මෙයට ප්‍රධාන හේතුවයි.

Independent Cinemas Australia (ICA) සංවිධානය පෙන්වා දෙන පරිදි මෙම උපකරණ අලුත් කර ගැනීමට නොහැකි වුවහොත් කලාපීය ප්‍රදේශ 46ක මිලියනයකට අධික ජනතාවකට (ප්‍රාදේශීය වැසියන්ගෙන් 9 දෙනෙකුගෙන් එක් අයෙකුට) තම ප්‍රදේශයේ එකම සිනමා ශාලාව අහිමිවීමේ අවදානමක් පවතී. ඕස්ට්‍රේලියානු රජය චිත්‍රපට නිෂ්පාදනය සඳහා විශාල වශයෙන් මුදල් ආයෝජනය කළද, එම සිනමා නිර්මාණ ජනතාව වෙත ගෙන යන අවසාන පියවර වන සිනමා ශාලා ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ සහයෝගය ඇතිව “No CinemaLeft Behind” වැනි ජාතික විසඳුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මේ වන විට දැඩිව මතු වී තිබේ.
