ඕස්ට්‍රේලියාවේ Inflation එක පාලනයට! මිනිස්සුන්ගේ Jobs බිලි දෙන්න වෙයිද?

මෑතකදී ඕස්ට්‍රේලියාවේ Reserve Bank (RBA) හි Deputy Governor වන Andrew Hauser විසින් කළ කතාවක් මේ දිනවල ආර්ථික ලෝකයේ ලොකු කතාබහක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ RBA එකට ඉදිරි මාස 12 ඇතුළත රටේ උද්ධමනය (Inflation) පාලනය කරන්න පුළුවන් වෙයිද කියන එක ගැන මිනිස්සුන්ගේ තියෙන “විශ්වාසය” (Trust) ටිකෙන් ටික අඩු වෙමින් පවතින බව ඔවුන්ම පිළිගෙන තිබීමයි.

බැංකු වලට මහජනතාවගේ  ‘Trust’ එක ඇයි එච්චරටම වැදගත්?
ආර්ථිකයක් balance කරන්න නම් මහජනතාවට RBA එක ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. Rate hikes (පොලී අනුපාත ඉහළ දැමීම්) වල නියම ප්‍රතිඵල ලැබෙන්නේ මිනිස්සු RBA එකේ inflation target එක ගැන විශ්වාසය තියලා ඒ අනුව තමන්ගේ වියදම් කිරීම් (spending decisions) පාලනය කළොත් විතරයි කියලා Hauser පෙන්වා දෙනවා. මිනිස්සු විශ්වාස කරනවා නම් Bank එක දිගටම rates වැඩි කරලා හරි inflation එක අඩු කරනවා කියලා, මිනිස්සු අනිවාර්යයෙන්ම තමන්ගේ වියදම් අඩු කරනවා. ඒකෙන්ම inflation එක පාලනය වෙන්න ලොකු support එකක් ලැබෙනවා.

RBA එකේ main targets (dual mandate) දෙකක් තියෙනවා
Price stability
Full employment

මේ “Full employment” කියන concept එක කියන්නේ  ඉස්සර දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ කාලේ “Full employment” කිව්වේ unemployment rate (විරැකියා අනුපාතය) 2% ට විතර තියෙන, ඕන තරම් jobs තියෙන, employer ට loyalty එකක් දුන්නොත් අනිවාර්යයෙන් පඩි වැඩිවීම් ලැබෙන කාලෙකටයි. නමුත් අද වෙනකොට මේ concept එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
අද “Full employment” කියන්නේ ආර්ථිකයේ ඉල්ලුම සහ සැපයුම (demand and supply) balance වෙලා, wage growth (වැටුප් වර්ධනය) එකත් එක්ක inflation එක අවදානම් නැති මට්ටමක තබා ගන්න පුළුවන් unemployment level එකකටයි.

Unemployment ද? නැත්නම් Inflation ද? (The Ultimate Dilemma)
2022 සහ 2023 වසර වලදී අනිත් රටවල් වලට වඩා ටිකක් අඩුවෙන් interest rates වැඩි කරන්න RBA තීරණය කළා. ඒකට හේතුව වුණේ COVID-19 කාලයෙන් පස්සේ ඇතිවෙච්ච රැකියා (employment gains) ආරක්ෂා කරගන්න එක. හැබැයි ඒ නිසා inflation එක අඩු වෙන්න ගතවෙන කාලය වැඩි වුණා.

මෙහිදී  Hauser පෙන්වා දෙනවා, “උද්ධමනය (Inflation) හැමෝටම බලපානවා. නමුත් විරැකියාව (Unemployment) බලපාන්නේ job එක නැති වෙන කෙනාට විතරයි.” “මගේ job එක බේරුණා” කියලා කෙනෙක් සතුටු වෙද්දී, තව කෙනෙක් “ඔයාලා inflation එක අඩු කරන්නේ නැතුව අපිව අමාරුවේ දැම්මා” කියලා RBA එකට බනින්න පුළුවන්.සමහරු RBA එකට interest rates තවත් වේගයෙන් වැඩි කරන්න කියලා උපදෙස් දෙන්නේ මේ “human cost” එක (මිනිස්සුන්ගේ රැකියා අහිමි වීම) ගැන හිතන්නේ නැතුව වෙන්න පුළුවන්. ආර්ථිකය කියන්නේ ඉලක්කම් විතරක් නෙවෙයි ඒකේ පිටිපස්සේ තියෙන්නේ මිනිස්සුන්ගේ ජීවිත කියන එක මේ කතාවෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා.

Don't forget to share this post!

Recent Posts