ඕස්ට්‍රේලියාවේදී ඔයාත් අලුත් Passport එකක් ගත්තද? ඊළඟට අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් ටික මෙන්න!

ඔයාට අලුත් විදේශ ගමන් බලපත්‍රයක් (New Passport) ලැබුණා නම්, ඔයාගේ දැනට තියෙන Australian visa එකට, visa application එකට, එහෙමත් නැත්නම් citizenship application එකට එය අනිවාර්යයෙන්ම link කරගත යුතුයි. මෙය සිදුකළ හැකි පහසුම සහ ඉක්මන්ම ක්‍රමය වන්නේ ImmiAccount හරහා ඔයාගේ details Update කිරීමයි .

වැදගත්: ඔයා Electronic Travel Authority (ETA) 601 holder කෙනෙක් නම් මෙම ක්‍රමය අදාළ නොවේ. පරණ ETA එකක් අලුත් passport එකකට මාරු (transfer) කළ නොහැකි අතර ඔයා අනිවාර්යයෙන්ම අලුත් passport එක භාවිත කර නව ETA එකක් සඳහා apply කළ යුතුය.

1. ImmiAccount හරහා Update කරන ආකාරය (The Quickest Way)
ඔයාට දැනටමත් ImmiAccount එකක් තිබෙනවා නම් පහත පියවර අනුගමනය කරන්න.

  1. ඔයාගේ ImmiAccount එකට Login වෙන්න.
  2. ඔයාගේ අදාළ application එක select කරන්න.
  3. ‘Application home’ screen එකට යාමට ‘Edit’ හෝ ‘View details’ click කරන්න.
  4. Update details තෝරන්න.
  5. ඉන්පසු ‘Change of passport details’ select කරන්න.
  6. අදාළ applicant ව තෝරන්න.
  7. අලුත් passport details සහ passport එක මාරු වීමට හේතුව (reason for the change) ඇතුළත් කරන්න.
  8. අවසානයට ‘Submit’ කරන්න.

ඔයාට ImmiAccount එකක් නොමැති නම් අලුතින් ගිණුමක් සකසා ඔයාගේ application එක import කරගැනීමෙන් අනතුරුව ඉහත පියවර අනුගමනය කළ හැක.

2. Web Form එකක් හරහා Update කළ යුතු අවස්ථා
(සැලකිය යුතුයි: ඔයා Australian passport එකක් හිමි පුරවැසියෙක් නම් මෙම form එක භාවිත නොකරන්න).සමහර විශේෂ අවස්ථාවලදී ImmiAccount එක හරහා passport details යාවත්කාලීන කළ නොහැක. එවැනි අවස්ථාවලදී ඔයා New Passport Details web form එක භාවිත කළ යුතුය.

  1. ඊට හේතු විය හැකි කාරණා පහත දැක්වේ.
  2. ඔයාගේ application එක ImmiAccount එකට import කරගැනීමට නොහැකි වීම.
  3. ඔයාගේ travel document එක Titre de Voyage හෝ Certificate of Identity ලියවිල්ලක් වීම.
  4. ඔයා apply කළ Partner visa එක ImmiAccount හි දර්ශනය නොවීම (not visible).
  5. ඔයාගේ acknowledgement letter එකේ ඇති application ID එක ‘IRIS’ වලින් ආරම්භ වීම.
  6. ඔයාගේ ලිංගිකත්වයේ (sex or gender) වෙනසක් සිදුවී තිබීම.
  7. අලුත් passport එකේ ඔබගේ උපන් දිනය (date of birth) වෙනස් වී තිබීම.

ලිංගිකත්වය (Sex or gender) වෙනස් වීමක් යාවත්කාලීන කරනවා නම්:
ඔයාගේ sex හෝ gender තොරතුරු වෙනස් කරනවා නම් පහත සඳහන් සාක්ෂි වලින් එකක් (evidence) අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය. ලියාපදිංචි වෛද්‍යවරයෙකුගෙන් (Registered Medical Practitioner) හෝ මනෝවිද්‍යාඥයෙකුගෙන් (Registered Psychologist) ලබාගත්, ඔබගේ gender එක සනාථ කරන ලිපියක් (statement). ඔයාගේ gender එක සඳහන් වන valid Australian Government travel document එකක් (උදා: valid passport). ලිංගිකත්වය වෙනස් වීම තහවුරු කරන, State හෝ territory Births, Deaths and Marriages රෙජිස්ට්‍රාර්වරයෙකු විසින් නිකුත් කළ උප්පැන්න සහතිකයක් හෝ ලියවිල්ලක්.

Processing Times (ගතවන කාලය)
ඔයා තොරතුරු යාවත්කාලීන කළ පසු ඒවා link වීමට ගතවන දළ වශයෙන්:

ImmiAccount හරහා: Business days 3ක් ඇතුළත.

New Passport Details web form හරහා: දින 14ක් ඇතුළත.

වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න: https://immi.homeaffairs.gov.au/change-in-situation/passport-details

Don't forget to share this post!

Recent Posts