Alcohol නිසා ජීවිතෙන් වන්දි ගෙවන තරුණයින්! ඕස්ට්‍රේලියාවේ Liver Disease අවදානම වේගයෙන් ඉහළට

COVID-19 pandemic සමයේ සිට ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය තුළ alcohol-associated hepatitis (මත්පැන් භාවිතය නිසා අක්මාව ඉදිමීම හා හානි වීම) රෝගීන්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇති බව Burnet Institute හි නවතම වාර්තාවකින් පෙන්වා දෙයි. 2017 සිට 2024 දක්වා කාලය තුළ hospitalize කළ alcohol-associated hepatitis රෝගීන්ගෙන් 40% ක්ම වයස අවුරුදු 45 ට අඩු පුද්ගලයින් වේ. ඉන් 13% ක් දැඩි සත්කාර ඒකක (ICU) වලට ඇතුළත් කර ඇති අතර 4% ක මරණ අනුපාතයක් (mortality rate) වාර්තා වේ. මේ වන විට වාර්තා වන රෝගීන්ගෙන් තුනෙන් එකක්ම (1 in 3 cases) කාන්තාවන්ය. කාන්තාවන්ගේ ශරීර ස්වභාවය (muscle mass) අනුව කුඩා මත්පැන් ප්‍රමාණයකින් වුවද liver එකට විශාල හානියක් සිදුවිය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති. වසංගත සමයේ පැවති මානසික පීඩනය සහ කාන්තාවන් ඉලක්ක කරගත් ‘mummy wine nights’ වැනි marketing ක්‍රම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

වයස අවුරුදු 18 දී සාමාන්‍ය ලෙස Beer පානය කිරීම ඇරඹූ Dylan Allen නම් තරුණයා, ක්‍රමක්‍රමයෙන් දැඩි ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී වයස අවුරුදු 26 වන විට alcohol-related liver disease හේතුවෙන් මියයාම මෙම තත්වයේ ඇති භයානක කම මනාව පැහැදිලි කරයි. අක්මාව (liver) යනු ඉතා හොඳින් නැවත යථා තත්ත්වයට පත්විය හැකි (regenerate) අවයවයක් බැවින් කවර හෝ මොහොතක මත්පැන් භාවිතය අඩු කිරීමෙන් නැවත නිරෝගී විය හැකි බව වෛද්‍යවරු අවධාරණය කරති. මත්පැන් භාවිතය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් වහාම GP (වෛද්‍යවරයෙකු) හමුවී උපදෙස් ලබාගන්නා ලෙසත්, මෙවැනි රෝගීන් සමාජයේ කොන් නොකර (without stigma) ඔවුන්ට ගෞරවයෙන් සහ කරුණාවෙන් ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය බවත් මෙම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

 

Don't forget to share this post!

Recent Posts