Fast fashion වලට සමුදෙමින් භාවිතා කළ වටිනා භාණ්ඩ (Pre-loved treasures) ඉතා අඩු මිලට මිලදී ගැනීමට සහ අලෙවි කිරීමට හැකි ඕස්ට්‍රේලියාවේ විශාලතම සැණකෙළිය වන Garage Sale Trail, මෙම නොවැම්බර් මාසයේ සති අන්ත දෙකක් පුරා (නොවැම්බර් 7-8 සහ 14-15) රට පුරා පැවැත්වේ. වසර 15කට පෙර Bondi ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු (Andrew සහ Dazz) විසින් “Don’t dump it. Sell it.” යන තේමාව යටතේ ආරම්භ කළ මෙම වැඩසටහන අද වන විට වසරකට ඕස්ට්‍රේලියානුවන් 300,000කට අධික පිරිසක් සහභාගී වන දැවැන්ත ජාතික උත්සවයක් බවට පත්ව තිබේ.

මෙහිදී පැරණි විලාසිතාවේ ඇඳුම් (Vintage clothes), දුර්ලභ Lego කට්ටල, ග්රැමෆෝන් තැටි (Cult vinyl) සහ පොත්පත් වැනි දේවල් ඉතා සාධාරණ මිලකට සොයා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන අතර නිවසේ ඇති අනවශ්‍ය බඩුබාහිරාදිය අලෙවි කරන වෙළෙන්දන්ට සාමාන්‍යයෙන් ඩොලර් 457ක පමණ අමතර ආදායමක් ඉපයීමටද හැකියාව ලැබේ. ඔබත් මෙම සති අන්තයේ ඔබේ ප්‍රදේශයේ තිබෙන sales ගැන දැනගැනීමට Garage Sale Trail වෙබ් අඩවියේ ඇති සිතියම (Map) හරහා ඔබේ ගමන් මාර්ගය සැලසුම් කර ගත හැකි අතර බඩු අලෙවි කිරීමට කැමති අයට නොමිලේම ලියාපදිංචි වීමටද අවස්ථාව සලසා දී තිබේ.