ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පවතින ආර්ථික අභියෝග හමුවේ විශාල පිරිසකට තම රැකියා අහිමි වෙමින් පවතින අතර පසුගිය ජූලි සහ අගෝස්තු මාසවලදී පමණක් පුද්ගලයින් 108,300කට වැඩි පිරිසක් රැකියාවලින් ඉවත් කර (retrenched) ඇති බව Australian Bureau of Statistics (ABS) දත්ත පෙන්වා දෙයි. විශේෂයෙන්ම බැංකු, තාක්ෂණික (Tech) සහ වෘත්තීය සේවා ක්ෂේත්රවල මෙම තත්ත්වය දරුණු වී ඇති අතර, රටේ විරැකියා අනුපාතය ද 4.7% දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර මාස දෙක තුනකින් අලුත් රැකියාවක් සොයා ගැනීමට හැකි වුවත් දැන් පවතින දැඩි තරගකාරිත්වය නිසා සමහරුන්ට වසරකට ආසන්න කාලයක් තිස්සේ රැකියා සොයමින් සිටීමට සිදුව ඇති බව Saskia Tjahja සහ Erin Arnett වැනි රැකියා අහිමි වූවන් පවසන අතර LinkedIn දත්තවලට අනුව ඕස්ට්‍රේලියානුවන්ගෙන් 70%ක්ම විශ්වාස කරන්නේ පසුගිය වසරට වඩා දැන් රැකියාවක් සොයා ගැනීම ඉතා අපහසු වී ඇති බවයි.

මෙම අසීරු තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කෘත්‍රිම බුද්ධිය (AI) රැකියා වෙළඳපොළට බලපෑම් කිරීමයි. අපේක්ෂකයින් AI භාවිත කරමින් ඉතා ඉක්මනින් සහ ආකර්ෂණීය ලෙස CV සකස් කර රැකියා විශාල ප්‍රමාණයකට අයදුම් කිරීම නිසා සෑම රැකියා ඇබෑර්තුවකටම ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් AI මගින් සකස් කළ එක හා සමාන CV නිසා සැබෑ දක්ෂයින් හඳුනා ගැනීම ආයතනවලට අපහසු වී ඇති බැවින් හුදෙක් AI මතම යැපෙන්නේ නැතිව තමන්ගේ සැබෑ හැකියාවන් සහ AI භාවිත කිරීමේ ප්‍රායෝගික දැනුම (demonstrable AI capability) පෙන්වීම ඉතා වැදගත් බව LinkedIn සහ Hays ආයතනවල විශේෂඥයෝ පෙන්වා දෙති. ඊට අමතරව, තමන් දන්නා හඳුනන පුද්ගලයින් හරහා සම්බන්ධතා (networking) ගොඩනගා ගැනීමෙන් රැකියාවක් ලැබීමේ අවස්ථාව 4.5 ගුණයකින් වැඩි වන බවත් තමන්ගේ සුපුරුදු ක්ෂේත්රයෙන් පිටත වර්ධනය වෙමින් පවතින Retail, Hospitality, Tourism, Mining සහ Construction වැනි අංශ වෙත අවධානය යොමු කිරීම මෙම අභියෝගය ජය ගැනීමට හොඳම විසඳුමක් බවත් SEEK ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
