ඔස්ට්‍රේලියාවේ Interest rates ඉහළට, නිවාස මිල පහළට! ඇත්තටම නිවසක් ගන්න එක ලේසිද?

ඕස්ට්‍රේලියාවේ housing crisis (නිවාස අර්බුදය) දැන් අලුත් මුහුණුවරක් අරන් තියෙනවා. කාලයක් තිස්සේ කතාබහට ලක්වුණ මේ ප්‍රශ්නයට විසඳුම් විදිහට ආණ්ඩුව ගත්තු තීරණ නිසා කවදාවත් අඩු වෙන්නේ නැහැ කියලා හිතපු Property market එක දැන් වේගයෙන් කඩා වැටෙමින් (tumbling market) පවතිනවා.

House Prices වේගයෙන් පහළට
දැනටමත් ජාතික මට්ටමින් සාමාන්‍ය නිවාස මිල (median house price) 5.6% කින් පහළ බැහැලා තියෙනවා. Apartments වල මිල 3.9% කින් අඩු වෙලා. විශේෂයෙන්ම Sydney සහ Melbourne නගර වල මේ තත්ත්වය ගොඩක් දරුණුයි. සමහර ආර්ථික විශ්ලේෂකයින් කියන විදිහට මේ මිල ගණන් ඉදිරියේදී 10% කට වඩා (double-digit declines) අඩු වෙන්නත් පුළුවන් කියලා.

මේකට ප්‍රධාන හේතු මොනවාද?
මේ හදිසි වෙනස්වීමට ප්‍රධාන කාරණා කිහිපයක් බලපාලා තියෙනවා. Government Policies, නිවාස සැපයුම (supply) වැඩි කරන්න සහ ඉල්ලුම (demand) අඩු කරන්න Labor ආණ්ඩුව අලුත් නීති ගෙනාවා. විශේෂයෙන්ම ‘negative gearing’ සහ ‘capital gains tax’ වලට කරපු වෙනස්කම් මේකට ගොඩක් බලපෑවා. High Interest Rates, පසුගිය අවුරුදු 18 ඇතුළත ආපු ඉහළම පොලී අනුපාත (interest rates) මේ වෙද්දී ක්‍රියාත්මක වෙනවා. Investors ලා අඩුවීම, අලුත් බදු නීති සහ පොලී අනුපාත නිසා නිවාස ආයෝජකයින් (investors) අලුතින් ගෙවල් ගන්න එක 31% කින් විතර අඩු වෙලා තියෙනවා.

First Home Buyers ලට වාසියක් ද?
Investors ලා market එකෙන් අයින් වෙද්දී පළමු වරට නිවාස ගන්න අයට (first home buyers) මේක ලොකු වාසියක් වෙලා. පසුගිය මාසයේ ඔවුන්ගේ නව ණය ඉල්ලුම්පත් (new loan applications) ප්‍රමාණය දෙගුණ වෙලා තියෙනවා. Housing Minister Clare O’Neil පවසන පරිදි මේක ආයෝජකයින් වෙනුවට සාමාන්‍ය ජනතාවට තමන්ගේම නිවසක් ගන්න ලැබුණු හොඳ අවස්ථාවක් වෙනවා.

බැලූ බැල්මට නිවාස මිල අඩුවෙන එක හොඳ දෙයක් වගේ පෙනුණත් මේකට ලොකු විරෝධයකුත් එල්ල වෙනවා. Homeowners ලගේ පාඩුව, තරුණ අයට අඩුවට ගෙවල් ලැබෙනවා කියන්නේ දැනටමත් ගෙවල් තියෙන අයගේ දේපළ වටිනාකම (property wealth) අඩු වෙන එකයි. Liberal පක්ෂය (Andrew Bragg වැනි අය) සහ Real Estate ප්‍රවීණයන් මේ තත්ත්වය විවේචනය කරනවා. ඔවුන් කියන්නේ ණය ගැනීම් අඩුවීම සහ නිවාස මිල කඩා වැටීම ආර්ථිකයට ලොකු අනතුරක් බවයි. Victoria සහ NSW වල Labor ආණ්ඩුව ගෙවල් ප්‍රශ්නය විසඳන්න ‘High-density’ (තට්ටු නිවාස) ව්‍යාපෘති ගේන්න හැදුවත් ප්‍රදේශවාසීන් සහ Liberal විපක්ෂය (Jess Wilson, Kellie Sloane) ඊට තදින්ම විරුද්ධ වෙලා තියෙනවා. ඔවුන් කියන්නේ මේවාට එරෙහිව තීරණ ගන්න ප්‍රාදේශීය සභා (local councils) වලට බලය දිය යුතු බවයි.

ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය විසඳන්න නම් නිවාස මිල අඩු වෙන්නම ඕනේ. නමුත් ඒකෙන් දැනට නිවාස හිමි බහුතරයකට පහරක් වදිනවා. “ඇත්තටම මිනිස්සුන්ට ඕනේ cheaper housing ද?” කියන ප්‍රශ්නයට උත්තරය ඉදිරි මැතිවරණ වලදී ජනතාව ලබාදෙන ඡන්දයෙන් බලාගන්න පුළුවන් වෙනවා.

Don't forget to share this post!

Recent Posts