Australia වල job market එක ගැන Jobs and Skills Australia (JSA) එකෙන් නිකුත් කරපු අලුත්ම October 2026 report එක දැක්කද? ඔයා දැනටමත් Australia වල ඉන්නවා නම් එහෙම නැත්නම් ලංකාවේ ඉඳන් එන්න try කරනවා නම් මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න එක වටිනවා. Job vacancies දිහා බැලුවම fields කිහිපයක ලොකු වෙනස්කම් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු වැඩියෙන්ම ඉල්ලුම කොහොමද කියලා.
Nursing සහ Medical අයට මාරම Demand එකක්!
ඔයා Nursing field එකේ නම් ඉන්නේ, ඔයාට බය වෙන්න දෙයක් නෑ. August 2026 වෙනකොට Medical practitioners සහ nurses ලගේ advertised vacancies 19.2% කින් ඉහළ ගිහින් තියෙනවා. විශේෂයෙන්ම Regional, Outer Regional සහ Remote areas වල Registered Nurses ලට (Aged Care, Medical, Critical Care) ලොකු ඉල්ලුමක් තියෙනවා.

Teaching අයට මොකද වෙලා තියෙන්නේ?
Education field එකේ ඉන්න අයට නම් ටිකක් කණගාටුදායක ආරංචියක් තමයි තියෙන්නේ. පහුගිය අවුරුද්ද ඇතුළත Education professionals ලගේ vacancies 18.5% කින් පහළ බැහැලා තියෙනවා කියලා වාර්තාවේ සඳහන් වෙනවා.
IT සහ Software Engineering
ICT Professionals ලගේ සමස්ත vacancies ප්රමාණය 14.0% කින් විතර අඩු වෙලා තිබුණත්, Major Cities (Sydney, Melbourne වගේ) ඇතුළත Software Engineers ලට සහ ICT Business Analysts ලට Permanent employer-sponsored visas ලබාගන්න තියෙන අවස්ථාව තාමත් ගොඩක් ඉහළයි. මේ අය ගොඩක්ම inner-city areas වලයි concentrated වෙලා ඉන්නේ.

PR ගන්න ලේසිම අනිත් Jobs මොනවාද?
Major cities වල වගේම Regional Australia වලත් Chefs, Carpenters සහ Motor Mechanics ලට මාරම ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම Remote areas වල Mining industry එක පැත්තෙන් Diesel Motor Mechanics ලටත් ලොකු අවස්ථා තියෙනවා (විශේෂයෙන්ම East Pilbara පැත්තේ). ඔයා outer regional area එකකට යනවා නම්, Accommodation and Food Services වගේ industries වල trade jobs වලින් ලේසියෙන්ම Employer-sponsored visa එකකට යන්න පුළුවන්. සමස්තයක් විදියට ගත්තම Australia වල unemployment rate එක 4.6% දක්වා පොඩ්ඩක් වැඩි වෙලා තිබුණත්, හරි field එකක් තෝරගත්තොත් ඔයාගේ අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන් වේවි.