අද කාලයේ අපේ ජීවිත වලට Social media කියන්නේ නැතුවම බැරි දෙයක්. නමුත්, මේ දිනවල වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය නිසා අලුත් සෞඛ්‍ය ගැටලුවක් නිර්මාණය වී ඇති බවයි. ඒ තමයි “Health Anxiety” එහෙමත් නැත්නම් තමන්ගේ සෞඛ්‍යය පිළිබඳව අනවශ්‍ය ලෙස බියට පත්වීම.
Regional NSW හි සේවය කරන GP (General Practitioner) කෙනෙක් වන Dr. Ashley Bowden පවසන ආකාරයට, ඔහු හමුවීමට එන රෝගීන්ගෙන් 50% ක් පමණ යම්කිසි ආකාරයක health anxiety තත්වයකින් පීඩා විඳිති. මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අන්තර්ජාලයේ සහ social media වල ඔවුන් දකින දේවල්ය.

Psychologist කෙනෙක් වන Dr. Olivia Loughnan පැහැදිලි කරන්නේ සමාජ මාධ්‍ය algorithms මගින් මෙම තත්වය තවත් දරුණු කරන බවයි. “යම් පුද්ගලයෙක් බරපතල රෝගයක මූලික රෝග ලක්ෂණ ගැන video එකක් බැලුවොත්, ඊට පසු ඔහුට දිගින් දිගටම පෙන්වන්නේ එවැනිම රෝග ගැන content,” ඇය පවසයි. මේ නිසා තමන්ටත් එම රෝගය වැළඳී ඇතැයි යන බොරු බියක් (impression) ඔවුන් තුළ ඇතිවෙනවා. අන්තර්ජාලය හරහා විශාල ලෙස මුදල් අය කරන predictive medical tests (උදාහරණයක් ලෙස full body MRI scans සහ blood tests) promote කිරීමද මෙම තත්වයට බලපා ඇත.
Longevity (දිගුකල් ජීවත්වීම), biohacking සහ health optimization වැනි trends අන්තර්ජාලය තුළ ඉතා ජනප්‍රියයි. තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම හොඳ දෙයක් වුවත්, හැමවිටම තමන්ගේ ඇඟේ ලෙඩක් තියෙනවද කියල හොයන්න යාම (constantly monitoring) මානසිකව විශාල වදයක් විය හැකි බව Dr. Loughnan පෙන්වා දෙයි. මේ නිසා uncertainty එකක් දරාගැනීමට නොහැකි වීම සහ අනවශ්‍ය පාලනයක් (heightened need for control) අවශ්‍ය වීම වැනි මානසික ගැටලු ඇතිවෙන්න පුළුවන්.

සල්ලි නාස්ති නොකර GP කෙනෙක් හමුවෙන්න!
Australian Medical Association (AMA) හි සභාපති Dr. Michael Bonning පවසන්නේ මේ ආකාරයේ fringe investigations සහ අනවශ්‍ය medical tests කිරීමෙන් රෝගීන්ට කිසිදු යහපතක් නොවන බවයි. කිසිදු රෝග ලක්ෂණයක් නොමැති (asymptomatic) පුද්ගලයන් මෙවැනි පරීක්ෂණ කිරීමෙන් ඔවුන්ගේ ආයු කාලය වැඩිවෙන බවට කිසිදු සාක්ෂියක් නැත. ඒ වගේම මෙවැනි පරීක්ෂණ නිසා ‘False positives’ (වැරදි ප්‍රතිඵල) ලැබී අනවශ්‍ය සහ වේදනාකාරී පරීක්ෂණ වලට මුහුණදීමට සිදුවිය හැක.
Social media එකෙන් දැකපු දෙයක් නිසා හෝ AI bot කෙනෙක් කියපු දෙයක් නිසා බියට පත්වී දහස් ගණන් මුදල් (thousands of dollars) වියදම් කර පරීක්ෂණ කරන්න කලින්, ඔබේ GP වෛද්‍යවරයා හමුවී කතා කරන්න. ඒ වගේම අන්තර්ජාලයේ යන ads ගැන critical වෙන්න. ඔවුන් මේ දේවල් promote කරන්නේ ඇත්තටම ඔබේ සෞඛ්‍යය ගැන හිතලද, නැත්නම් සල්ලි හොයන්න තියෙන ulterior motive එකක් නිසාද කියා දෙවරක් සිතා බලන්න.