පැසිෆික් දූපත් කලාපයට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම් ඉවතට

  • Home
  • /
  • News
  • /
  • පැසිෆික් දූපත් කලාපයට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම් ඉවතට

ටොන්ගා මුහුදේ හටගත් භූ කම්පනයෙන් පසු පැසිෆික් දූපත් කලාපයට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර තිබේ.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ, සුනාමි අවදානම පහව ගොස් ඇති බවයි.

ටොන්ගා මුහුදේ ඊයේ හටගත් භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 7.1 කි.

අනතුරුව ඒ ආශ්‍රිතව පසු කම්පන 6 ක් වාර්තා වී තිබුණි.

ඉන් පසු කම්පන 5 ක ප්‍රබලත්වය සටහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 7.3 ක් ලෙසයි.

මේ අතර , මියන්මාර භූ කම්පනයෙන් අතුරුදන්වූවන් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මියන්මාරයට ඉතා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ, වෛද්‍ය සැපයුම්වල හිඟය හේතුවෙන් ය.

විපතට පත්වූවන්ට ප්‍රතිකාර කිරීමට සහ සහන සැලසීමට කඩිනම් ආධාර අවශ්‍ය බව, එම සංවිධානය නිවේදනය කළේ ය.

භූ කම්පනයෙන් මියන්මාරයේ සහ තායිලන්තයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 1700 කි.

 

Don't forget to share this post!

Recent Posts

c8d844df766465a5402fde01ce87770a_1600X1200
July 8, 2025