ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් පළමු වතාවට පිටත තරු පද්ධතියක ඝන ජලය සොයා ගැනේ.

  • Home
  • /
  • Blog
  • /
  • ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් පළමු වතාවට පිටත තරු පද්ධතියක ඝන ජලය සොයා ගැනේ.

නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) භාවිතා කරමින් තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්, ඉතා දුරස්ථ තරුණ තරු පංතියක් වටා ඝන ජලය පවතින බවට තහවුරු කර ඇත. මෙය පෘථිවිය අයත් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත තරු පද්ධතියකින් ඝන ජලය සොයාගත් ප්‍රථම අවස්ථාව වීම විශේෂත්වයකි.

The Journal Nature සඟරාව අනුව, ආලෝක වර්ෂ 155ක දුරින් පිහිටි, වසර මිලියන 23ක් පමණ වයසැති, සූර්යයාට සමාන වුවද තරමක් විශාල හා උණුසුම් තාරකාවක් වටා පැවති දූවිලි සහිත සුන්බුන් තැටියකින් මෙම ඝන ජලය හඳුනාගෙන ඇත. මෙම තරුව, HD 181327 ලෙස හඳුන්වා ඇති අතර, එය වටා පිහිටි පද්ධතියක් ඉතා ක්‍රියාකාරී බවත් විද්‍යාඥයෝ සඳහන් කරති.

එම සුන්බුන් තැටිය තුළ නිරන්තරව සිදුවන වස්තුවල ගැටුම් මඟින් ජල අයිස් සහිත කුඩා දූවිලි අංශු මුදා හැරෙයි. එම අංශු, ජේම්ස් වෙබ් දුරේක්ෂය හරහා හඳුනාගත හැකි තරමින් විශිෂ්ට පරිමාවකින් යුක්ත වේ. මෙය, තරු පද්ධති ආරම්භයේ සිට ජලය කෙසේ පවතීද යන්න පිළිබඳ වඩාත් පැහැදිලි තොරතුරු ලබාදෙන සොයාගැනීමක් බවට පත්වී ඇත.

 

 

Image credit goes to by : https://www.elcolombiano.com/

Don't forget to share this post!

Recent Posts

569
November 8, 2025