එළැඹෙන ජූලි මාසයේදී ශ්‍රී ලංකා A කණ්ඩායම සිව්දින හා එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියාවට සංචාරය කිරීමට නියමිතය.
මෙම තරගාවලියට අයත් සියලුම තරග උතුරු ඔස්ට්‍රේලියාවේ ඩාවින් නගරයේ Marrara ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. වසර 19ක විරාමයක්න් පසු මෙම ක්‍රීඩාංගණයේ ද්විපාර්ශ්වීය පළමුපෙළ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම විශේෂත්වයකි.
තරග මාලාව එක්දින තරග තුනකින් ආරම්භ වන අතර, එම තරග ජූලි 4, 6 සහ 9 වන දිනවලදී පැවැත්වීමට නියමිතය. එහි පසුව සිවුදින තරග දෙකක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත.
මෙම තරගාවලියෙන් අනතුරුව, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි20 තරග දෙකකින් සමන්විත තරගාවලියක්ද එම ක්‍රීඩාංගණයේදී අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතය. වසර 17කට පසුව එම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන්නේ මේයයි.
අවසන් වරට Marrara ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වුණුේ 2008 වසරේදී බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරය අවස්ථාවේය. එයෙන් පසු මේ දක්වා එම ක්‍රීඩාංගණයේ කිසිදු ජාත්‍යන්තර තරගාවලියක් පවත්වා නැත.