කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා නැගී එන සංචිතය

  • Home
  • /
  • Sports
  • /
  • කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා නැගී එන සංචිතය

ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලබන මාසයේ පැවැත්වෙන සංචාරය සඳහා සූදානම්ව සිටින අතර, එම සංචාරයට එක්වන 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිකුත් කර තිබේ.

මෙම සංචාරය සඳහා ධනංජය ලක්ෂාන්ගේ නායකත්වයෙන් තරුණ සහ නවක ක්‍රීඩකයන්ගේ කාණ්ඩයකින් යුතු කණ්ඩායමක් පිළියෙල කර ඇත. ජුනි 2 වැනිදා ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම පිටත්ව යන නියමිත දිනය වේ.

මෙම සංචාරය යටතේ, නිල නොවන සිවුදින ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග ත්‍රිත්වයක්පැ වැත්වීමට නියමිතව තිබේ.

තරගාවලියේ පළමු සිවුදින තරඟය ජුනි 7 වනදා කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, සම්පූර්ණ සංචාරය ජුනි 26 වැනිදා අවසන් වීමට නියමිතය.

 

 

Image credit goes to by : https://www.vecteezy.com/

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025