ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ගෝලීය ශ්‍රේණිගත කිරීම් වලින් පහතට වැටෙයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ගෝලීය ශ්‍රේණිගත කිරීම් වලින් පහතට වැටෙයි.

ඕස්ට්‍රේලියාවේ වඩාත්ම කීර්තිමත් අධ්‍යාපන ආයතන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් පහත වැටී ඇත. කෙසේ වෙතත්, තවමත් ඕස්ට්‍රේලියාව උසස් අධ්‍යාපනය සඳහා සුදුසු රටවල් අතර පස්වන ස්ථානයේ රැදී සිටියි.

ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින මෙල්බර්න් විශ්ව විද්‍යාලය ද 13 වන ස්ථානයේ සිට 19 වන ස්ථානය දක්වා පහත වැටී ඇති අතර, NSW විශ්ව විද්‍යාලය, සිඩ්නි විශ්ව විද්‍යාලය සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලය (Australian National University) ද පහත වැටී ඇත. ඒ අනුව New South Wales විශ්වවිද්‍යාලය 19වන ස්ථානයේ සිට 20වන ස්ථානය දක්වාත්, Sydney විශ්වවිද්‍යාලය 18වන ස්ථානයේ සිට 25වන ස්ථානය දක්වාත් ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලය 30වන ස්ථානයේ සිට 32වන ස්ථානය දක්වාත් මෙලෙස පහත වැටී ඇත.

මෙම වසරේ QS ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ ඇති සමස්ත විශ්වවිද්‍යාල 1501 ඇතුළත ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 36 ක් ඇත. ඉන් විශ්ව විද්‍යාල 9ක්ම ඉහළම 100 අතර පවතී. ශ්‍රේණිගත කිරීම්වල අංක 1 රැඳෙන්නේ එක්සත් ජනපදයේ Massachusetts Institute of Technology වන අතර 2වන හා 3වන ස්ථාන පිළිවලින් එක්සත් රාජධානියේ Imperial College London සහ එක්සත් ජනපදයේ Stanford University හිමිකර ගන්නවා.

ෆෙඩරල් විපක්ෂ අධ්‍යාපන ප්‍රකාශක Jonno Duniam, ශ්‍රේණිගත කිරීම්වල පහත වැටීම “බලාපොරොත්තු සුන්වීමක්” ලෙස හැඳින්වීය. “අපගේ ශ්‍රේණිගත කිරීම් නිරන්තරයෙන් පහත වැටීම රජය සැලකිල්ලට ගත යුතු අතර අපගේ විශ්ව විද්‍යාල ඒවා තිබිය යුතු ස්ථානයට ගෙන යාම සඳහා ප්‍රතිපත්ති සහ අරමුදල් විසඳුම් ක්‍රියාත්මක කළ යුතුයි” ඔහු පැවසීය.

Don't forget to share this post!

Recent Posts

licensed-image (2)
July 3, 2025