අපේම රසට පැණි පොල් පෑන් කේක්

  • Home
  • /
  • Yum
  • /
  • අපේම රසට පැණි පොල් පෑන් කේක්

අපි අද හදන්න යන්නේ, ලාංකීය රසට ගැලපෙන විශේෂම ආකාරයකින් – මැද්දට පැණි පොල් දාලා හදන අපේම විදිහට පෑන් කේක් එකක්.

බැටර් එක සදහා අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි – 200g
  • පොල් කිරි කෝප්ප – 1 1/2
  • කහ කුඩු – තේ හැඳි 1/4
  • බිත්තර – 01
  • රස පදමට ලුණු

පැණි පොල් සදහා අවශ්‍ය ද්‍රව්‍ය:

  • ගා ගත්ත පොල් – 100g
  • සීනි – 100g
  • කොටා ගත්ත කරදමුංගු ටිකක්
  • රස පදමට ලුණු

සාදන ක්‍රමය:

මුලින්ම අපි පැණි පොල් ටික හදාගමු. 

ඒ සඳහා මුලින්ම භාජනෙකට සීනි ටිකක් දාලා හොඳට රත් කරන්න. සීනි ටික රත් වේගෙන එනකොට මේකට උණු වතුර ටිකක් දාලා කලවම් කරන්න. සීනි ටික හොඳට උණු වෙලා පාට වෙලා එනකොට මේකට තලා ගත් කරදමුංගු ටිකක් සහ ලුණු ටිකක් දාන්න. ඊලගට ඉතුරු සීනි ටික දාලා දිය කර ගන්න.පැණි ටික හොඳට උණු වෙලා බුබුළු දාගෙන එනකොට පොල් ටික දාලා කලවම් කර ගන්න. පොල් වල වතුර ගතිය වගේ යනකම් ලිපේ තියලා ඊට පස්සේ ලිපෙන් අයින් කරලා පැත්තකින් තියා ගන්න. 

දැන් අපි පෑන් කේක් එකේ බැටර් එක හදාගමු. 

ඒකට මුලින්ම පොල් කිරි ටිකයි, බිත්තර එකයි, ලුණුයි, කහ කුඩු ටිකයි එකට දාලා කලවම් කර ගන්න. ඊළගට පිටි ටික දාලා කලවම් කර ගන්න. පිටි වල කැට ගතිය යනකන්ම කලවම් කර ගන්න. කලවම් කර ගෙන ඉවර උනාට පස්සේ පිටි කැට වගේ ඉතුරු වෙලා තියනවනම් මේ බැටර් එක හොඳට පෙරලා ගන්න. දැන් non-stick පෑන් එකක් අරගෙන ඒකට බැටර් එකෙන් ටිකක් දාලා තුනී රව්මක් වගේ හදා ගන්න. පෑන් කේක් එකේ එක පැත්තක් හරි ගියාට පස්සේ අනිත් පැත්ත හරවා ගන්න. මේ පෑන් කේක් එක වැඩිය ඝනකමට හදන්නේ නැති හින්දා විනාඩියකටත් වඩා අඩු කාලෙකින් අපිට පෑන් කේක් එකක් හදා ගන්න පුළුවන්. ඔක්කොම පෑන් කේක් ටික හදලා ඉවර උනාට පස්සේ මේ පෑන් කේක් එක මැද්දෙන් පැණි පොල් ටික ටික තියල රෝල් කරගන්න.ඉන්පසුව රස බලන්න

 

Image credit goes to: https://www.facebook.com/groups/181159602846630/posts/1130608894568358/www.facebook.com

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025