අලුතෙන් පටන් ගන්න Business එක ගොඩ දාගන්න නැතුව බැරි දෙයක්

  • Home
  • /
  • Blog
  • /
  • අලුතෙන් පටන් ගන්න Business එක ගොඩ දාගන්න නැතුව බැරි දෙයක්

ඔයාගෙම business එකක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාට අවශ්‍ය හැමදේම ගැන අපි මේ ලිපි මාලාවෙන් කතා කරනවා. ඒකට අදාළ 1 වෙනි ලිපියෙන් අපි කතා කළා business එකක් පටන් ගන්න කලින් පරීක්ෂා කළ යුතු දේවල්, තීරණය කල යුතු දේවල් සහ කළ යුතු දේවල් මොනවද කියලා. 

ඒ හැම දෙයක්ම ගැන ඔයා අවබෝධයෙන් පරීක්ෂා කරානම් ඊළඟ පියවර තමයි ඔයාගේ business එක හරියට define කරගන්න එක. ඒ කියන්නේ ඔයා පටන් ගන්න යන business එකට අදාළ ප්‍රධාන තීරණ කිහිපය ගන්න එක. මේකෙදි ඔයා business එකේ ව්‍යුහය, නම සහ ස්ථානය වගේ දේවල් තීරණය කරනවා. අපි මේ එකින් එක ගැන වෙන වෙනම බලමු.

ව්‍යාපාර ව්‍යුහයක් තීරණය කිරීම

Business එක පටන් ගන්න කලින් අපි ඒකෙ නීතිමය ව්‍යුහය තීරණය කරන්න ඕනේ. මේ විදිහට ඔයා තෝරාගන්න business structure එක අනුව business එක ලියාපදිංචි කිරීම් වගේම ඊට අදාළ බදු සහ අනෙකුත් නීතිමය තත්ත්ව වෙනස් වෙනවා.

ව්‍යාපාර ව්‍යුහයන් වන්නේ:

  • sole trader
  • company
  • partnership
  • trust

ඔයාට ගැලපෙන business structure එක මොකක්ද කියලා ඔයාට විශ්වාස නැත්නම් ව්‍යාපාර උපදේශකයෙකුගෙන් උදව් ලබා ගන්න පුළුවන්.

ව්‍යාපාරයට නමක් තෝරා ගැනීම

Business එකට හොඳ නමක් තෝරාගන්න එක ඔයාට හොඳ Brand Name එකක් නිර්මාණය කර ගන්න උදව් වෙනවා. ඒ නිසා නමක් තෝරා ගන්නකොට වෙනස් සහ ආකර්ශනීය නමක් තෝරාගන්න එකෙන් ගනුදෙනුකරුවන්ට ඒක මතක තබා ගන්න පහසු වෙනවා. ඒ වගේම ඔබ අලුතෙන් තෝරාගන්න business name එක register කිරීමට අවශ්‍යයි.

ව්‍යාපාරය සඳහා ස්ථානයක් තෝරා ගැනීම 

ඔයා business එක කරගෙන යන්න භාවිතා කරන ස්ථානය සහ එහි පිහිටීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට බලපානවා. ඕනෑම ස්ථානයක වාසි සහ අවාසි තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ගැලපෙන ස්ථානය ඔයාගේ business එකේ අවශ්‍යතාවය මත රඳා පවතිනවා.

කුඩා ව්‍යාපාරයක් සඳහා නම් බොහෝ වෙලාවට ස්ථානයක් මිලදී ගැනීම වෙනුවට lease කරන එක වාසි දායක වෙනවා. ලීසිං කිරීමෙන් අඩු මූලික පිරිවැයක් සහ වැඩි නම්‍යශීලී බවක් ඔබට ලැබෙනවා. ඔයා තෝරා ගන්නා විකල්පය මොකක් වුනත්, ගිවිසුමක් අත්සන් කරන්න කලින් නීති උපදෙස් ලබා ගන්න.

ඔයා business එක කරගෙන යන්නේ ගෙදර සිට වුණත්, අදාළ අවසර පත්‍ර, බලපත්‍ර, බදු සහ රක්ෂණ ආදිය ගැන සලකා බලන්න ඕනේ.

ඉතින් මේ කතා කරපු හැම දේම සාරාංශයක් විදිහට; 

  • ඔබට අවශ්‍ය නම් වෘත්තීය උපදෙස් ලබා ගන්න
  • ඔබේ ව්‍යාපාර ව්‍යුහය තෝරන්න
  • නිවැරදිව ව්‍යාපාර නාමයක් තෝරන්න
  • ඔයා තෝරා ගන්න business location එකට අවශ්‍ය දේවල් සකස් කර ගන්න
  • ස්ථානයක් මිලදී ගන්නවා ද නැතිනම් බද්දට ගන්නවා ද කියන දේ තීරණය කරන්න
  • මේ දේවල් වලට අනුව සුදුසු ස්ථානයක් තෝරන්න
  • කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීමට පෙර නීති උපදෙස් ලබා ගන්න
  • ඔබ නිවසේ සිට ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා වුණත් අදාළ නීතිමය තත්ත්වයන්, බදු වර්ග සහ රක්ෂණ ආදිය පිලිබඳ අවබෝධයක් තබාගන්න.

ඉතින් මේ දේවල් ටික සම්පූර්ණ උනාට පස්සේ ඔයා ඔයාගේ business එකට අදාළ වට පිටාව හදාගෙන ඉවරයි.

කොහොමද හරිම business structure එක තෝරා ගන්නේ, ගැළපෙන business name එකක් තෝරාගන්න විදිහ, සුදුසු ස්ථානයක් තෝරා ගන්න විදිහ, නිවසේ සිට කරගෙන යන ව්‍යාපාර ගැන වගේ දේවල්, අවශ්‍යනම් තව වැඩිදුර කතා කරමු. ඊළඟ ලිපියෙන් අපි බලමු හරියටම කොහොමද Business Plan එක හදාගන්නේ කියලා.

Don't forget to share this post!

Recent Posts

16937252_Michael-Madsen-clean-AP-TN-img
July 4, 2025