ඔයාගේ අලුත් Business එක ගොඩ දාගන්න හරියටම Business Plan එකක් හදමු
ඔයාගෙම business එකක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාට අවශ්‍ය හැමදේම ගැන අපි මේ ලිපි මාලාවෙන් කතා කරනවා. ඒකට අදාළ 1 වෙනි කොටසින් අපි කතා කළා business එකක් පටන් ගන්න කලින් පරීක්ෂා කළ යුතු දේවල්, තීරණය කල යුතු දේවල් සහ කළ යුතු දේවල් මොනවද කියලා. ඒ වගේම 2 වෙනි කොටසින් කතා කළා business එක හරියට define කරගන්න විදිහ. ඒ කියන්නේ ඔයා පටන් ගන්න යන business එකට අදාළ ප්‍රධාන තීරණ කිහිපය ගන්නේ කොහොමද කියන එක. මේකෙදි ඔයා business එකේ ව්‍යුහය, නම සහ ස්ථානය වගේ දේවල් තීරණය කරගත්තා. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ business එකට ගැලපෙන Business Plan එක හදාගන්න.
එහෙනම් අද අපි කතා කරමු කොහොමද අපේ ව්‍යාපාරය හරියටම සැලසුම් කරගන්නේ කියලා. ඔබේ ව්‍යාපාරයට සාර්ථකත්වයේ හොඳම අවස්ථාවන් ලබා දෙන්න නම් ඒ පිලිබඳ පර්යේෂණ කරලා හරීම විදිහට සැලසුම් කරන එක වැදගත්. මේ පර්යේෂණ කරන එක අපි පියවර කිහිපයක් යටතේ සලකා බලමු.
ඔබේ වෙළඳපොළ පිළිබඳව පර්යේෂණ කරන්න
වෙළඳපොළ ගැන පර්යේෂණ කිරීම මඟින් ඔයාගේ ගනුදෙනුකරුවන් ගැන සහ ඔයාගේ industry එකේ තරඟකරුවන් ගැන තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා. මේකෙන් ඔයාට පුළුවන් ඔයා market එකට දෙන්න යන නිෂ්පාදනය හෝ සේවාව සාර්ථක වෙන්න ඉඩක් තිබෙනවාද නැද්ද කියන දේ තේරුම් ගන්න.
වෙළඳපොළ පිළිබඳව පර්යේෂණ කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තමයි මේ;
- ඔයාගේ industry එක සහ local area එක පිළිබඳව වැඩි විස්තර දැන ගන්න සාමාන්‍යයෙන් ලබා ගත හැකි දත්ත භාවිතා කරන්න
- ඔයාගේ business එකේ තරඟකරුවන්ගේ websites, social media, online reviews සහ අනෙකුත් marketing materials විශ්ලේෂණය කරන්න
- පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ සහ ඔබේ නිෂ්පාදනය හෝ සේවාව සඳහා ඇති ඉල්ලුම තේරුම් ගැනීමට ගනුදෙනුකරුවන් සමඟ කතා කරන්න
ඔබේ ව්‍යාපාර සැලැස්ම හදා ගන්න
ව්‍යාපාර සැලැස්ම එහෙමත් නැත්නම් business plan එක ඔබේ නව ව්‍යාපාරයේ සාර්ථකත්වයට ආකාරය;
- ඔබේ ව්‍යාපාර ඉලක්ක සහ අරමුණු කෙරෙහි අවධානය යොමු කරන්න
- ඔබේ ව්‍යාපාරයේ දිශාව පාලනය කරන්න
- බැංකු සහ ආයෝජකයින්ගෙන් මුදල් ලබා ගන්න
ඵලදායී ව්‍යාපාර සැලැස්මක් ගොඩනගා ගැනීම සඳහා කාලය, පර්යේෂණ කිරීම වගේම ඉවසීමත් අවශ්‍යයි.
අවදානම් කළමනාකරණය කරන ආකාරය සැලසුම් කිරීම
ඔබේ ව්‍යාපාරයට ඇති ප්‍රධාන අවදානම් විශ්ලේෂණය කිරීමෙන් ඔබට ඒවා සාර්ථකව කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා.
අවදානම් ගණයට අයිති වෙන්නේ සෞඛ්‍ය සහ ආරක්ෂක උපද්‍රව පමණක් නෙවෙයි. උදාහරණයක් විදිහට, ඔයාගේ ව්‍යාපාරයට ආර්ථිකයේ වෙන කඩා වැටීමක්, නීතිමය ගැටළු හෝ ප්‍රධාන ගනුදෙනුකරුවෙකු අහිමි වීම නිසා බලපෑම් ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා ඒවාට නිසි පිළියම් යොදන්න, ඔයාගේ ව්‍යාපාරයට ඇති අවදානම් සහ ඒවා බලපාන ආකාරය පිළිබඳව අවබෝධයෙන් සිටීම වැදගත් වෙනවා. මේ අවබෝධය ලබා ගත්තට පස්සේ එක් එක් ඒවා ඉවත් කිරීමට හෝ අවම කිරීමට සැලැස්මක් හදාගන්න පුළුවන්.
අද කතා කරපු හැම දේම සාරාංශයක් විදිහට ගත්තොත් ඔයා සැලකිය යුතු දේවල්;
- ඔබේ ව්‍යාපාරයෙන් පාරිභෝගිකයින්ට මොනවද අවශ්‍ය කියන දේ තේරුම් ගන්න
- ඔබේ ප්‍රධාන තරඟකරුවන් කවුද සහ ඔවුන්ගේ ශක්තීන් සහ දුර්වලතා දැන ගන්න
- ඔබේ නිෂ්පාදනය හෝ සේවාව සඳහා වෙළඳපොළක් ඇති බව තහවුරු කර ගන්න
- ඔබේ ව්‍යාපාර සැලැස්ම කා සඳහාද සහ ඔබ එය භාවිතා කරන්නේ කෙසේද යන්න තීරණය කරන්න
- ඔබේ මූල්‍ය තොරතුරු සකස් කරන්න
- ඔබේ ව්‍යාපාර සැලැස්ම සාදන්න
- ඔබේ ව්‍යාපාරයට ඇති ප්‍රධාන අවදානම් හඳුනා ගන්න
- එක් එක් අවදානම ඇති වීමට කෙතරම් දුරට ඉඩ තිබෙනවාද සහ එහි ප්‍රතිවිපාකය කුමක් ද යන්න සොයා බලන්න
- එක් එක් අවදානමට මුහුණ දීමට සැලැස්මක් හදන්න
- හඳුනාගත් අවදානම් කළමනාකරණය කිරීම සඳහා ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ ප්‍රමිතීන් සාදා ගන්න.