ඕස්ට්‍රේලියාවේ වැඩිම ළමා මරණ සංඛ්‍යාවට හේතුව ඇහුවොත් පුදුම වෙයි

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ වැඩිම ළමා මරණ සංඛ්‍යාවට හේතුව ඇහුවොත් පුදුම වෙයි

අද අපි කතා කරන්න හදන්නේ ළමයින්ට සිදුවන තුවාල සහ අනතුරු (injuries and accidents) හඳුනා ගන්නේ කොහොමද, නිතර සිදුවන ළමා තුවාල සහ අනතුරු මොනවාද, ඒවාට හේතු, බරපතල තුවාල වළක්වා ගැනීමට ඔබට කළ හැකි දේ සහ ඔබේ දරුවා තුවාල ලැබුවහොත් කළ යුතු දේ ගැනයි.

ගැටිති, තැලීම්, සීරීම් සහ වැටීම් බොහෝ විට ළමා වියේ සාමාන්‍ය දෙයක්. දරුවන්ගේ ආරක්ෂාවට නිවැරදි පියවර යෙදීමෙන්, බොහෝ අනතුරු ඉතා සුළු ප්‍රතිකාර වලින් සුව කර ගන්න පුළුවන්.

ඉතා කණගාටුදායක කරුණ නම්, ඕස්ට්‍රේලියාවේ අවුරුදු 1-14 අතර ළමුන්ගේ මරණ වලට ප්‍රධානම හේතුව රෝග නොව, අනතුරු (Injuries) වීමයි. මෙම අනතුරු වලින් බොහොමයක් වළක්වා ගත හැකි ඒවා. ඉතින්, ඔයා ලබා දෙන සුළු අවධානයකින් සහ ඔයා ලබා ගන්න සුළු අවබෝධයකින්, අසල සිටින දරුවෙක් විශාල අනතුරකින් ගලවා ගන්න පුළුවන් වෙනවා.

ඕස්ට්‍රේලියාවේ ළමා තුවාල සඳහා වඩාත් පොදු හේතු

  • වැටීම්
  • මාර්ග අනතුරු (දරුවන් පදිකයින්, බයිසිකල්කරුවන් හෝ වාහනවල මගීන් වන විට)
  • තැලීම් සහ හසු වීම් 
  • විෂ වීම
  • පිළිස්සුම් සහ දැවීම් 

ඕස්ට්‍රේලියාවේ තුවාල වලින් සිදුවන ළමා මරණ සඳහා වඩාත් පොදු හේතු

  • මාර්ග අනතුරු
  • ගිලීම

ඕස්ට්‍රේලියාවේ ළමා මරණ සහ තුවාල සඳහා වෙනත් පොදු හේතු

  • හුස්ම හිරවීම, ගෙල සිර කිරීම සහ ස්වසන අපහසුතා
  • තැලීම් සහ හසු වීම් 
  • දුම්, ගිනි සහ ගිනිදැල්
  • විෂ වීම

බරපතල ළමා තුවාල වළක්වා ගැනීමට ඔබට කළ හැකි දේ

ඔබේ දරුවාට තුවාල සිදුවීමට ඉඩ ඇති අවස්ථාවන්හිදී සමීපව අධීක්ෂණය කරන්න. මෙවැනි අනතුරු බහුල අවස්ථා ලෙස;

  • නාන කාමරයේ – නාන කාමරයේ දී දියේ ගිලීම වැළැක්වීමට සහ ආරක්ෂිත ලෙස ස්නානය කරන ජලයේ උෂ්ණත්වය පරීක්ෂා කරන්න.
  • මුළුතැන්ගෙය තුළ – නිවස තුල ඇති විෂ විය හැකි ද්‍රව්‍ය, පිළිස්සුම් ද්‍රව්‍ය සහ දැවෙන දේවල් වලින් දරුවන් ඈත් කර තබන්න.
  • ආහාර, සෙල්ලම් බඩු සහ ගෘහ භාණ්ඩ ඇතුළුව (ශත 20 ක කාසියකට වඩා කුඩා) හුස්ම හිරවීමේ අවදානමක් ඇති ඕනෑම දෙයක් අසල හෝ සමඟ සිටින විට අවධානයෙන් ඉන්න.
  • prams හෝ strollers හෝ ඔන්චිල්ලා මත සිටින විට ගෙල සිරවීම සහ හුස්ම හිරවීමවැනි තත්ත්ව ඇති විය හැකියි.
  • pool එකක beach එකක වැනි ඕනෑම ජලය ඇති ස්ථානයක් අසල සිටින විට අදාළ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන්න.
  • ධාවන මාර්ග අසල, car park එකක සහ මාර්ගයක් අසල සිටින විට පදික ආරක්ෂාව සහ මෝටර් රථයේ ආරක්ෂිතව සිටීම පිළිබඳ සැලකිලිමත් වෙන්න.

ඔබේ දරුවා තුවාල ලැබුවහොත් කළ යුතු දේ

ඔබ හෝ ඔබේ දරුවා රැකබලා ගන්නා ඕනෑම කෙනෙකු ප්‍රථමාධාර පාඨමාලාවක් කිරීම ඉතා හොඳ අදහසක්. මෙයින් ඔබ තුවාල හෝ අනතුරු සඳහා ක්ෂණිකව මුහුණ දෙන්න සූදානම් වෙනවා. සෑම වසර 3 කට වරක් ප්‍රථමාධාර පුහුණුවක් ලබා ගැනීම නිර්දේශ කරනු ලබන අතර, CPR පුහුණුව සෑම වසරකම ලබා ගැනීමට නිර්දේශ කර තිබෙනවා.

නිවසේ සහ ඔබේ වාහනයේ සෑම විටම ප්‍රථමාධාර කට්ටලයක් තබා ගන්න. අනතුරු සිදු වීමට අවධානමක් ඇති ස්ථාන වලට කුඩා දරුවන් රැගෙන යන විටත් එය රැගෙන යන්න පුළුවන්.

ඔබගේ දුරකථනයේ හදිසි අංක ලැයිස්තුවට විෂ තොරතුරු මධ්‍යස්ථානය (131 126), ඔබේ වෛද්‍යවරයාගේ හෝ ප්‍රාදේශීය රෝහලක අංකද ඇතුළත් කර ගන්න.

පහරදීමත් ළමුන් අතර සිදුවන තුවාල ආශ්‍රිත මරණ සඳහා පොදු හේතුවක්. අපයෝජනයෙන් ආරක්ෂිතව වැඩීමට දරුවන්ට අයිතියක් තිබෙනවා. ඔබ විසින් දරුවාට රිදවන බව ඔබට හැඟේ නම් හෝ ඔබ පවුල් හිංසනය අත්විඳින අයෙක් නම් ඔබට එයින් වැලකීමට අවශ්‍ය සහාය ලබා ගන්න පුළුවන්. ඒ සඳහා 131 114 Lifeline එකට හෝ හි ජාතික ගෘහස්ථ පවුල් සහ ලිංගික ප්‍රචණ්ඩත්ව උපදේශන සේවාව 1800RESPECT (1800 737 732) අමතන්න.

ළමා තුවාල සහ අනතුරු (injuries and accidents) සඳහා වඩාත් පොදු හේතු වන්නේ වැටීම්, මාර්ග අනතුරු, දියේ ගිලීම්, විෂ වීම්, පිළිස්සුම් තුවාල. මාර්ග, ජලය සහ දැවෙන දේවල් වැනි භයානක දේවල් අසල සිටින විට දරුවන් ගැන නිතරම අවධානයෙන් සිටින්න වෙනවා. ප්‍රථමාධාර සඳහා යම් කිසි පුහුණුවක් ලබා තිබීම, ළමුන්ට සිදුවන තුවාල වලදී ඔයාට උදව්වක් වේවි.

Don't forget to share this post!

Recent Posts

praiseworthy-by-alexis-wright-9781922725325-red-kangaroo-books-676658
July 16, 2025