මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය (Melbourne Cricket Ground – MCG) එහෙමත් නැත්නම් අපි කියන විදිහට The “G” කියන්නේ, Yarra Park එකේ තිබෙන සුවිශේෂී ඕස්ට්‍රේලියානු ක්‍රීඩාංගණයක්. මෙල්බර්න් ක්‍රිකට් සමාජය එහෙමත් නැත්නම් Melbourne Cricket Club එක පිහිටා තිබෙන්නේත් මෙහෙම තමයි.
The “G”, දැන් අපි දන්නේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් විදිහට වුණාට, ජාත්‍යන්තරව මේක ගොඩක් ප්‍රසිද්ධ වුනේ 1956 ගිම්හාන ඔලිම්පික් උළෙලේ කේන්ද්‍රීය ක්‍රීඩාංගණය විදිහට. මේ open-air stadium එක ලොව ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩාංගන වලින් එකක් වන අතර Boxing Day එකෙන් ආරම්භ වන “ටෙස්ට් තරඟයක්” එහි සෑම අවුරුද්දකම පවත්වනවා.
ශීත කාලය පුරාම, මෙය Australian Rules Football ක්‍රීඩාවේ නිවහන වන අතර සෑම සතියකම අවම වශයෙන් එක් තරඟයක් හෝ මෙහිදී පවත්වනවා. සැප්තැම්බර් මාසයේ අවසාන සෙනසුරාදා A.F.L. Grand Final තරඟයේ, AFL Premiers වීමට කණ්ඩායම් දෙකක් සටන් කරන උණුසුම් තරඟය බලන්න එන ප්‍රේක්ෂකයන්ගෙන් මුළු ground එකම පිරිලා යනවා.
1970 දශකය වන තෙක්, මෙහි 120,000 කට අධික පිරිසක් රැස් කළත්, ක්‍රීඩාංගණයේ සිදු කරපු ප්‍රතිසංස්කරණ හේතුවෙන් සිටගෙන සිටින ඉඩ අඩු වූ අතර, මේ වන විට එය උපරිම වශයෙන් ආසන 99K කින් සමන්විත වෙනවා.
1959 දී Billy Graham ආගමික උත්සවයක් සඳහා 130,000 ක් දෙනා ක්‍රීඩාංගනයට රැස් වූ අතර එය MCG හි ඉහළම වාර්තාගත පැමිණීම ද වෙනවා. පසුව Carlton සහ Collingwood අතර 1970 VFL Grand Final එක සඳහා 121,696 ක් දෙනා මෙහි රැස් වුණා.
ඒ වගේම උසම ආලෝක කුළුණු සඳහා වන ලෝක වාර්තාවට හිමිකම් කියන්නෙත් The “G”.
MCG ක්‍රිකට් සඳහා පමණක් නෙවෙයි football, Commonwealth Games, rugby, soccer, wrestling සහ rock concerts සඳහා ද ප්‍රසිද්ධත්වයක් උසුලන ස්ථානයක්. මේ සමගම පිහිටා ඇති ඕස්ට්‍රේලියානු ක්‍රීඩා කෞතුකාගාරය (Australian Sports Museum) ක්‍රීඩාවට ආදරය කරන ඔබ යා යුතුම ස්ථානයක්. ඒ ගැන අපි ඉදිරියේදී කතා කරමු.
ඔයා Melbourne වලට අලුත් කෙනෙක්නම් ඔයාට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට යන විදිහත් කියන්නම්.
The “G” පිහිටලා තියෙන්නේ නගරය මද සිට ඇවිදගෙන යන්න පුළුවන් තරම් දුරකින්. ඒ වගේම Richmond සහ Jolimont දුම්රිය ස්ථාන වලට ගොඩක්ම ළඟින්. Melbourne Cricket Ground පිහිටලා තිබෙන Yarra Park එක, Richmond වල Brunton Avenue, Jolimont Street සහ Jolimont Terrace එකට මායිම් වෙනවා.
විවිධ ක්‍රම භාවිත කරලා ඔයාට එහි ළඟා වෙන්න පුළුවන්.
- Train – ඔයා train එකෙන් යනවනම් Richmond හෝ Jolimont දුම්රිය ස්ථාන වලින් බහින්න. එම ස්ථාන වල සිට පයින් යා හැකි ඉතා කෙටි දුරකින් ඔයාට ground එකට ළඟා වෙන්න පුළුවන්.
- Car – ground එක වටා ඇති ගේට්ටු 7කින් ප්‍රවේශ වෙන්න පුළුවන්. Parking cost එක විදිහට $10 ක් වැය වෙනවා.
- Bicycle – Ground එක වටා නැවැත්වීමේ පහසුකම් තිබෙනවා. ඔයා lock එකක් අරන් යන්න අමතක කරන්න එපා.
- Walking – CBD සිට William Barak Bridge, Rod Laver Arena footbridge හෝ John Cain Arena footbridge හරහා යන්න පුළුවන්.
- Birrarung Marr (Federation Square එක අසළ) සිට William Barak Bridge එකෙන් Batman Avenue, Jolimont Railway corridor සහ Brunton Avenue එක හරහා Yarra Park එකට එන්න පුළුවන්.
- MCG, Gate 1 හි concourse එකේ සිට railway corridor එක හරහා Rod Laver Arena පාමුල දක්වා ක්‍රීඩාංගණ දෙක අතර Rod Laver Arena footbridge එක මතින් යන්න පුළුවන්.
- MCG, Gate 6 හි concourse එකේ සිට railway corridor එක හරහා Rod Laver Arena footbridge එකට සමාන්තරව විහිදෙන John Cain Arena footbridge එක Swan වීදියේ Olympic Park එකට යනවා.
ඉතින් ඔයත් මේ අන්තර්ජාතික ක්‍රීඩාංගනය දැකගන්න කැමතිනම් the G වල tour එකක් යන්න.
Image Credit : https://www.austadiums.com/