Titanic නැවේ සැබෑම සංචාරයක්

  • Home
  • /
  • Blog
  • /
  • Titanic නැවේ සැබෑම සංචාරයක්

සීතල සාගරයේ 3.8km ක් පමණ ගැඹුරට, සුන්බුන් අතරට කිමිදෙන්න ඔයත් කැමතිද. මතක් ගොඩක් පිරුණු ටයිටැනික් නැවට සංචාරයක් යන්න මෙන්න ඔයාට අවස්ථාවක්.

මෙම විශ්මයජනක VR exhibition එක, ඉතිහාසයේ වඩාත්ම ජනප්‍රිය නෞකාවක ගෙවපු ජීවිතය මොන වගේද කියලා අත්විඳීමට අවස්තාවක් දෙනවා. Titanic හි සුඛෝපභෝගී භෝජන ශාලා වටා ඇවිදින්න, සුප්‍රසිද්ධ Grand පඩිපෙළ දිගේ ඇවිදින්න, නෞකාව පුරාම ඇවිද යන්න සහ Titanic හි සිටින මගීන්ගේ විස්තර දැනගන්න ඔයාට පුළුවන්.

Musealia experts ලා සමඟ සහයෝගයෙන් හදපු මෙම අසාමාන්‍ය VR අත්දැකීම ඉතිහාසයේ වඩාත්ම කුප්‍රකට ඛේදවාචකයන්ගෙන් එකක් ගැන ඉගෙන ගැනීමට අසමසම අවස්ථාවක් ලබා දෙනවා.

Titanic: A Voyage Through Time සමග එක්වන ඔබට පෙර නොවූ විරූ ලෙස ඉතිහාසයට පිවිසෙන්න අවස්තාව ලැබෙනවා. ඓතිහාසික කතාවන් සහ යථාර්ථය අතරින්, විශ්මයජනක VR තාක්ෂණයෙන් ටයිටැනික් නෞකාවේ කතාව අත්විඳින්න පුළුවන්. 

ඒ වගේම අද වන විට තිබෙන සුන්බුන් අතර කිමිදෙන්නත්, ඉන්පසු ග්‍රෑන්ඩ් පඩිපෙළ සහ නෞකාවේ ඔබ කැමතිම අවකාශයන් හරහා ඇවිදීමට 1912 වර්ෂය වෙත ආපසු යන්නත් පුළුවන්. සැබෑ මගීන් සහ කාර්ය මණ්ඩලය මත පදනම් වූ චරිත හරහා ටයිටැනික් නෞකාවේ කතාව ඔබ වෙත ගෙන එන මෙම වෙනස්ම අත්දැකීම විඳ ගන්න ටයිටැනික් රසිකයින් සහ ඉතිහාස ලෝලීන් සමග ඔබත් එන්න.

දිනය: 2025 අප්‍රේල් 10 – 2025 අගෝස්තු 30 (දීර්ඝ කර ඇත)

බදාදා සිට සඳුදා දක්වා 

වේලාව: 2pm – 8pm

කාලය: මිනිත්තු 45

ස්ථානය: Level 1, 206 Bourke St, Melbourne, VIC, 3000

වයස අවුරුදු 8ට වැඩි විය යුතුයි.

Tickets: https://feverup.com/m/301461?irclickid=RaqViSwbOxycU-dQnFWaS0HSUksS%3ASV-KRYEx40&irgwc=1&utm_medium=impact&utm_campaign&utm_source=affiliate&utm_content=1453950_Ripefruit%20Pty%20Ltd

 

 

Image Credit : https://localemagazine.com

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026