ඔයාගේ Business එකේ Trade Mark එක

  • Home
  • /
  • Blog
  • /
  • ඔයාගේ Business එකේ Trade Mark එක

ඔයාගෙම business එකක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාට අවශ්‍ය හැමදේම ගැන අපි මේ ලිපි මාලාවෙන් කතා කරනවා. 

ඒකට අදාළ 1 වෙනි කොටසින් අපි කතා කළා business එකක් පටන් ගන්න කලින් පරීක්ෂා කළ යුතු දේවල්, තීරණය කල යුතු දේවල් සහ කළ යුතු දේවල් මොනවද කියලා. ඒ වගේම 2 වෙනි කොටසින් කතා කළා  business එක හරියට define කරගන්න විදිහ. ඒ කියන්නේ ඔයා පටන් ගන්න යන business එකට අදාළ ප්‍රධාන තීරණ කිහිපය ගන්නේ කොහොමද කියන එක. මේකෙදි ඔයා business එකේ ව්‍යුහය, නම සහ ස්ථානය වගේ දේවල් තීරණය කරගත්තා. 3 වෙනි කොටසේදී අපේ business එකට ගැලපෙන Business Plan එක හදාගන්න විදිහ ගැන කතා කළා. දැන් ඔයාට business plan එකකුත් තියෙනවා. එහෙනම් අපි ඔයාගේ Business එක Register කරමු.

අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරයකට ලියාපදිංචි කිරීම්, licenses සහ permits අවශ්‍ය වෙනවා. මේවා ඔයාට නීතිය අනුගමනය කිරීමට, බදු බැඳීම් සපුරාලීමට සහ වෙළඳ නාමය ආරක්ෂා කර ගන්න උපකාර වෙනවා. ඉතින් ඔයාගේ Business එක Register කරගන්න අවශ්‍ය දේවල් අපි පියවරෙන් පියවර බලමු.

ABN එකක් ලබා ගැනීම

බොහෝ ව්‍යාපාරවලට Australian Business Number – ABN (ඕස්ට්‍රේලියානු ව්‍යාපාර අංකයක්) අවශ්‍ය වෙනවා. මේ ABN එක භාවිත කරලා තමයි ඔයාගේ business එක රජයට, අනෙකුත් business වලට සහ මහජනතාවට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ABN සඳහා ලියාපදිංචි වීම ඔයාට නොමිලේ ලැබෙනවා.

ඔබේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම

ව්‍යාපාර නාමය කියන්නේ ඔබ වෙළඳාම් කරන විට භාවිත කරන සහ ඔබව ප්‍රවර්ධනය කිරීමට භාවිතා කරන නමයි. කලින් article වලත් කතා කළා වගේ අද්විතීය, ආකර්ශනීය ව්‍යාපාර නාමයක් ගනුදෙනුකරුවන්ට මතක තබා ගැනීමට පහසුයි. ඒ වගේම මේ නම ඔයාගේ ව්‍යාපාරය අන් අයට නිර්දේශ කිරීමට සහ එය online search කරන්නත් භාවිත වෙනවා.

එක ඔයාගේ නමට වඩා වෙනස් නම් ඔයාගේ business name එක register කරන එක අනිවාර්ය වෙනවා. වෙනත් කෙනෙක් ලියාපදිංචි කරලා තිබෙන ව්‍යාපාර නාමයක් ඔයාට භාවිත කරන්න බැහැ.

Trade mark එකක් භාවිත කරලා ඔයාගේ brand එක ආරක්ෂා කිරීම

Business name එක, logo එක, tagline හෝ brand එකේ වෙනත් කොටස් සඳහා ඔයාට trade mark එකක් ලියාපදිංචි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ වෙනත් කිසිම කෙනෙකුට, සමාන භාණ්ඩ හෝ සේවා සඳහා ඔගේ trade mark එක භාවිතා කරන්න බැහැ. පොදු වචන, වාසගම් සහ ස්ථාන නාම වැනි සමහර දේවල් trade mark එකක් විදිහට භාවිත කරන්න බැහැ.

Business එක Register කිරෙමට අදාළ තව පියවර කිහිපයක්ම තිබෙනවා. අපි ඒවා ඊළඟ article එකෙන් කතා කරමු.

අද කතා කරපු හැම දේම සාරාංශයක් විදිහට ගත්තොත් ඔයාගේ checklist එක;

  • ඔබට ABN එකක් අවශ්‍ය නම් සහ එයට අවශ්‍ය හිමිකම් තිබේ නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න.
  • ABN එකක් සඳහා අයදුම් කරන්න
  • ව්‍යාපාර නාමයක් තෝරන්න
  • ඔබේ ව්‍යාපාර නාමය ඔබේම නමට වෙනස් නම් එය ලියාපදිංචි කරන්න
  • ඔබේ trade mark එක කුමක් දැයි තීරණය කරන්න
  • ඔබේ trade marks එක දැනටමත් භාවිත වනවා දැයි පරීක්ෂා කරන්න
  • trade marks සඳහා අයදුම් කරන්න

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025