කෝපි වලට ගන්න වෙන අවසරය

  • Home
  • /
  • Blog
  • /
  • කෝපි වලට ගන්න වෙන අවසරය

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔස්ට්‍රේලියාවට පිටතින් ගේන්න පුළුවන් මොනවද, බැරි මොනවද කියන එක.  භාණ්ඩ වලට අවසර දීල තියනවා, සමහර දේවල් වලට අවසර නැහැ. තවත් සමහරක් දේවල් රට තුළට ගේනවානම් පෙර අවසර පත්‍රයක් ලබා ගැනීම අවශ්‍යයි. තවත් සමහර දේවල් වලට අවසර දීලා තිබුණත්, ඒවාට බලපාන විශේෂ අවවාද, එහෙමත් නැත්නම් කොන්දේසි තිබෙන්න පුළුවන්.

බොහෝ දෙනෙක්ට මෙතැනදී තියන ලොකුම ප්‍රශ්නේ කෑම වර්ග නිසාම අපි කලින් කතා කළා මොනවද මේ රටට අරගෙන එන්න පුළුවන් කෑම වර්ග සහ මෙරටට ගෙන්න බැරි හෝ අවසර ලබාගත යුතු ආහාර කිහිපයක්. ඔස්ට්‍රේලියාවට රැගෙන එනවිට විශේෂ තත්ත්ව යටතේ අවසර ලැබීම නොලැබීම වන ආහාර වර්ග 3ක් ගැනයි අද කියන්නේ. 

චීස්, බටර් සහ අනෙකුත් කිරි නිෂ්පාදන

පුද්ගලික භාවිතය සඳහා චීස්, බටර් සහ අනෙකුත් කිරි නිෂ්පාදන ඕස්ට්‍රේලියාවට ගේන්න අවසර තිබෙනවා. මෙහිදී සලකා බලන කරුණු;

  • වාණිජමය වශයෙන් සකස් කර ඇසුරුම් කර තිබිය යුතුය.
  • අනුමත FMD-free country එකක නිෂ්පාදනය කර තිබිය යුතුය (නිෂ්පාදන ලේබලයේ නිෂ්පාදිත රට ලැයිස්තුගත කර තිබිය යුතුය)
  • කිලෝග්‍රෑම් 10 හෝ ලීටර් 10ට අඩු ප්‍රමාණයකින් ආනයනය කර තිබිය යුතුය.
  • මිනිස් පරිභෝජනය සඳහා පමණක් විය යුතුය.

චීස් සහ අනෙකුත් කිරි නිෂ්පාදන පැමිණීමේදී පරීක්ෂා කළ යුතුය. ආනයන කොන්දේසි සපුරා නොමැති නිෂ්පාදන ආනයනකරුගේ වියදමින් අපනයනය කරනු ලැබේ හෝ විනාශ කරනු ලැබේ.

කෝපි (බැදපු, Kopi Luwak/Civet සහ කොළ කෝපි)

බැදපු කෝපි (Kopi Luwak/Civet කෝපි හැර)

බැදපු, කුඩු කළ හෝ ක්ෂණික කෝපි බවට පත් කළ බැදපු කෝපි, පුද්ගලික භාවිතය සඳහා ඕස්ට්‍රේලියාවට ගෙන ඒමට අවසර ලැබෙනවා.  (කිලෝග්‍රෑම් 10 දක්වා)

Kopi Luwak/Civet කෝපි

සම්පූර්ණ ඇට, කුඩු කළ හෝ ක්ෂණික භාවිතය සඳහා ඇතුළුව, Kopi Luwak/Civet කෝපි, ඕස්ට්‍රේලියාවට ගෙන ඒමට අවසර ලැබෙනවා. ඒ සඳහා අදාළ කොන්දේසි වන්නේ;

  • නිෂ්පාදනය සාදන ලද ඇට බැද තිබිය යුතුයි.
  • නිෂ්පාදනය වාණිජමය වශයෙන් සකස් කර ඇසුරුම් කර තිබිය යුතුයි.
  • නිෂ්පාදනය කිලෝග්‍රෑම් 1 ට අඩු ප්‍රමාණයකින් ආනයනය කර තිබිය යුතුයි.
  • නිෂ්පාදනය ආනයනය කරන පුද්ගලයාගේ පුද්ගලික පරිභෝජනය සඳහා විය යුතුයි.

Kopi Luwak/Civet කෝපි පැමිණීමේදී පරීක්ෂා කළ යුතුයි (declared and inspected). ආනයන කොන්දේසි සපුරා නොමැති නිෂ්පාදන ආනයනකරුගේ වියදමින් අපනයනය කරනු ලැබේ හෝ විනාශ කරනු ලැබේ.

Green coffee 

Green coffee ඕස්ට්‍රේලියාවට ගෙන ඒමට අවසර තිබෙනවා. කෙසේ වෙතත් භාණ්ඩ සමඟ phytosanitary certificate එකක් (ශාක සනීපාරක්ෂක සහතිකයක්) තිබිය යුතුය. Green coffee පැමිණීමේදී ප්‍රකාශ කර පරීක්ෂා කළ යුතුය (declared and inspected). ආනයන කොන්දේසි සපුරා නොමැති නිෂ්පාදන ආනයනකරුගේ වියදමින් අපනයනය කරනු ලැබේ හෝ විනාශ කරනු ලැබේ.

මී පැණි නිෂ්පාදන

ඕස්ට්‍රේලියානු states සහ territories බොහොමයක් සඳහා මී පැණි නිෂ්පාදන වලට අවසර දී තිබෙනවා. මී පැණි නිෂ්පාදන පැමිණීමේදී ජෛව ආරක්ෂණ නිලධාරියෙකු (biosecurity officer) විසින් පරීක්ෂා කළ යුතු අතර, මී පැණි අයිතම දූෂණයෙන් තොර බව තහවුරු කර ගත යුතුය. මෙම කොන්දේසි සපුරා නොමැති අයිතම, ආනයනකරුගේ වියදමින් අපනයනය කරනු ලැබේ හෝ විනාශ කරනු ලැබේ.

බටහිර ඕස්ට්‍රේලියාවේ දැනට මී මැස්සන් සහ මී මැසි නිෂ්පාදන සඳහා ඉහළ නිරෝධායන තත්වයක් තිබෙනවා. බටහිර ඕස්ට්‍රේලියාවට ආනයනය කරන මී පැණි හෝ මී මැසි නිෂ්පාදන බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත නිරෝධායන ප්‍රවේශ අවශ්‍යතා සපුරාලිය යුතුයි. වැඩි විස්තර සඳහා  Department of Primary Industries and Regional Development, Western Australia (බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික කර්මාන්ත සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව) අමතන්න පුළුවන්. බටහිර ඕස්ට්‍රේලියාවෙන් පිටත වරායන් වෙත පැමිණෙන මගීන් බටහිර ඕස්ට්‍රේලියාවට දේශීයව ගමන් කරන විට ද අදාළ වන state quarantine entry requirements ඇති බව දැන සිටිය යුතුයි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025