ලොව දැවැන්තම වගේම දියුණුම රටක් ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාව ගැන ඔයා හිතුවෙවත් නැති දේවල් කිහිපයක් තමයි මේ.
- ජනගහනයට වඩා බැටළුවන් සිටින රටක්
ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 26.66 ක් පමණ වන අතර, එය වර්ග සැතපුමකට මිනිසුන් 7ක් වැනි ඉතා අඩු ජන ඝනත්වයක්. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාවේ බැටළුවන් විශාල ප්‍රමාණයක් සිටින අතර, ඒ අනුව බැටළුවන් සංඛ්‍යාව මිනිසුන්ට වඩා තුනෙන් එකකට වඩා වැඩියි.
- සෞදි අරාබියත් ඔටුවො ගන්නේ ඕස්ට්‍රේලියාවෙන්
සෞදි අරාබියේ ප්‍රමාණවත් තරම් ඔටුවන් නොමැති අතර ඕස්ට්‍රේලියාවේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සිටිනවා. කාන්තාරයේ ජීවත් වන මෙම ක්ෂීරපායින් ප්‍රථම වරට 19 වන සියවසේදී ප්‍රවාහන ක්‍රමයක් ලෙස හඳුන්වා දුන්නා. ඕස්ට්‍රේලියානුවන් දැන් වැඩිපුර සිටින නිදහස් ඔටුවන් මරා දැමීම හෝ සෞදි අරාබියට නැව්ගත කිරීම සිදු කරනවා.
- ඕස්ට්‍රේලියානු භූමියේ ඇති දැවැන්ත විශාලත්වය
ඕස්ට්‍රේලියාව අතිශයින් විශාල භූමියකට හිමිකම් කියනවා. එය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන භූමි කොටසට ආසන්න තරමටම විශාල වන අතර ලන්ඩන් සහ මොස්කව් අතර ඇති දුර තරම් පළලයි. එය ග්‍රහලෝකයේ විශාලතම ජීවමාන ව්‍යුහය වන මහා බාධක පරය, ලොව විශාලතම වැලි දූපත වන Fraser Island එක සහ දිගම වැටට ද හිමිකම් කියනවා. Australia’s dingo fence ලෙස හඳුන්වන මෙම වැට චීන මහා ප්‍රාකාරය පරදවන සැතපුම් 3,436 ක දිගක් සහිතයි. ඒ වගේම 10,000 කට වඩා වැඩි, වෙරළ තීරයන් ගණනකටද ඔස්ට්‍රේලියාව උරුමකම් කියනවා. දිනකට එක බැගින් නැරඹුවත් ඒ සියල්ල නැරඹීමට ඔබට වසර 27 ක් ගතවේවි.
- ලෝකයේ වඩාත්ම නාගරීකරණය වූ ජනගහනයන්ගෙන් එකක් වීම
ඔස්ට්‍රේලියාව දැවැන්ත භූමි ප්‍රමාණයකට හිමිකම් කිව්වත්, ඉතා ශුෂ්ක බව නිසා මෙහි මැද කොටසේ විශාල භූමි ප්‍රමාණයක් වාසයට සුදුසු වන්නේ නැහැ. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 85% කට වඩා වෙරළ තීරයට ආසන්න නගරවල තමයි ජීවත් වෙන්නේ.
- ලෝකයේ දෙවනියට වැඩිම ග්‍රීක ජනගහනයක් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියානු නගරයක
Athens නගරයෙන් පිටත, වැඩිම ග්‍රීක පිරිසක් වාසය කරන නගරය වන්නේ මෙල්බර්න් නගරය. මෙය පිළිබිඹු කරන විශිෂ්ට Aegean සම්බවය සහිත අවන්හල් මෙල්බර්න් හි ඕනෑ තරම් තිබෙනවා.