Peter Pan කියන්නේ ගොඩ දෙනෙක් පුංචි කාලේ හරි ආසාවෙන් බලපු ලස්සනම ලස්සන සුරංගනා කතාවක්. ඉතින් ඔයා ආසාවෙන් බලපු Peter Pan ළඟදීම Melbourne වලට එනවා. ඒ ආලෝකමත් ඇඳුම් වලින් සැරසුණු රංගන ශිල්පීන් හය දෙනෙකු විසින් සජීවීව රඟ දක්වන වේදිකා නිර්මාණයක් විදිහට.
කාගේත් සිත් ගත්ත මෙම සම්භාව්‍ය කතාව නර්තනය, ආලෝකය සහ වර්ණ හරහා ජීවයට ලබන ආකාරය සජීවීව බලා සිටීම ඔබට කිසදා අමතක නොවන අත්දැකීමක් වේවි. ඒ නිසා ඔබත් පීටර් පෑන්, ටින්කර් බෙල් සහ ඩාලිං දරුවන් සමඟ Neverland වෙත යන මේ ඉන්ද්‍රජාලික ගමනකට එකතු වෙන්න.
දේශීය නර්තන ශිල්පීන් 6 දෙනෙකු විසින් ආලෝකමත් ඇඳුම් වලින් සැරසී සිදු කරන මේ සිත් ඇදගන්නාසුළු රංගනය සජීවී මායාවක් නිර්මාණය කරාවී. Peter, Wendy, සහ Tinkerbell ඔබ වෙත පැමිණෙන මෙම ත්‍රාසජනක සහ ආලෝකයෙන් පිරුණු සන්ධ්‍යාව නම් කරලා තියෙන්නේ Ballet of Lights: Peter Pan විදිහට.
ඉතින් මේ සම්භාව්‍ය නර්තනයේ සහ නවීන තාක්‍ෂණයේ ආකර්ශනීය මිශ්‍රණය භුක්ති විඳින ගමන් පවුලේ අය සහ මිතුරන් සමඟ Neverland හි ඉන්ද්‍රජාලික ලෝකයට පිවිසීමට ඔබේ ටිකට් පතත් අදම වෙන් කරවා ගන්න.
Dates: 2025 – 26/7 | 31/8 | 14/9 | 25/10 | 7/12
Times: 6 pm / 8 pm
Location: Capitol Theatre
Tickets: https://feverup.com/m/336815