දෙවන ලෝක යුද්ධයේ යුධ කතා කියූ වීරයා දැයෙන් සමුගනි.

  • Home
  • /
  • Blog
  • /
  • දෙවන ලෝක යුද්ධයේ යුධ කතා කියූ වීරයා දැයෙන් සමුගනි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ, දෙවන ලෝක යුද්ධයේ සන්ධාන හමුදා සාමාජිකයෙකු වූ, TikTok හි “Papa Jake” ලෙස ප්‍රසිද්ධ ජේක් ලාර්සන් මහතා (Jake Larson) 102වැනි වියේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි. එය ඔහුගේ පවුලේ අය විසින් තහවුරු කර ඇත.

1944 වසරේ නාසි ජර්මනියට එරෙහිව D-Day වෙරළ බැසීමේ මෙහෙයුමට සහභාගී වූ ලාර්සන්, Bulge සටනෙහිද එක්සත් ජනපද හමුදාව නියෝජනය කළ අතර, එවකට වයස අවුරුදු 19ක් වූ ඔහු උතුරු අයර්ලන්තයේ ලුර්ගන් නගරයේ සිටියදී යුද්ධයට එක්විය.

මෑත කාලයේදී ඔහු “Storytime with Papa Jake” නමින් TikTok ගිණුම හරහා තම යුද්ධ අත්දැකීම් බෙදාගත් අතර, ඉතා ඉක්මනින්ම ලක්ෂ 12කට ආසන්න අනුගාමික පිරිසක් ලබා ගනිමින් ලොව පුරා අයගේ සිත් ගත්තේය.

ලාර්සන් මහතා මියයාමට සති තුනකට පෙර, D-Day 80 වැනි සංවත්සරය සමරමින් සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අතර එම අවස්ථාවේදී විශේෂ සම්මානයක් ද හිමිවිය.

 

 

Image Credit goes to by : https://us.cnn.com/2025/07/19/us/jake-larson-world-war-ii-veteran-dead

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026