බොහෝ දෙනෙක් චිකන් පීකුදු කන්න කැමති නෑ නමුත් චිකන් පීකුදු කියන්නේ රසට උයාගත්තහම ඉතාම රසවත් කෑමක්. බත්, පාන්, රොටී, පරාටා මේ වගේ ඕනම කෑමක් එක්ක කන්න පුලුවන්. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ මේ චිකන් පීකුදු පිලී ගඳ නැතුව, තිත්ත රසයත් නැතුව ඉතාම රසවත් ආකාරයට පිසගන්න ක්‍රමයක් ගැනයි. එහෙනම් මුලින්ම මේක පිස ගන්න අවශ්‍ය දේවල් මොනවද කියලා බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය:
- චිකන් පීකුදු – 500g
- අබ පේස්ට් – තේ හැඳි 01
- රස පදමට ලුනු
- කහ කුඩු – තේ හැඳි 1/2
- මිරිස් කුඩු – තේ හැඳි 1/2
- කොත්තමල්ලි කොළ – තේ හැඳි 01
- ඉඟුරු කුඩු – තේ හැඳි 1/2
- කුරුදු කුඩු – තේ හැඳි 1/2
- ගරම් මසාලා – තේ හැඳි 1/2
- පොල් තෙල් / එළවළු තෙල් – මේස හැඳි 04
- සුදුරු – තේ හැඳි 1/2
- කරපිංචා – ඉති 02
- පොඩියට කපා ගත්ත අමු මිරිස් – 02
- හීනියට කපා ගත්ත රට ළුණු – කෝප්ප 01
- ඉඟුරු සුදු ළුණු පේස්ට් – මේස හැඳි 01
- ගම්මිරිස් කුඩු – තේ හැඳි 1/2
- කරදමුංගු – 02
- කරාබු නැටි – 02
මුලින්ම පීකුදු ටික හොදින් සෝදා බෝල් එකකට දාගෙන ඒකට ලුනුයි, කහ කුඩුයි, මිරිස් කුඩුයි, කොත්තමල්ලි කොළයි, ඉඟුරු කුඩුයි, කුරුදු කුඩුයි, ගරම් මසාලයි, අබ පේස්ට් ටිකයි දාලා හොඳට කලවම් කරලා මේ ඔක්කොම හොඳට පීකුදු ටිකට අල්ලා ගන්නකම් මේ ටික විනාඩි 20-30ක් විතර පැත්තකින් තියලා තියන්න. මෙය පිසගැනීමට සුදුසු පෑන් එකක් අරගෙන ලිපෙන් තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් කරලා ඒකට සුදුරු ටිකයි, කරදමුංගු කරාබු නැටි ටිකයි, අමු මිරිස් ටිකයි, කරපිංචා ටිකයි දාලා බැඳගන්න. ඊටපස්සේ හීනියට කපා ගත්ත ළුණු ටික දා ගෙන ඒ ටික විනාඩි 2-3 විතර පිස ගන්න. ඔයාලගේ රස පදමට ගම්මිරිස් කුඩුයි, ඉඟුරු සුදු ළුණු පේස්ට් එකයි දා ගන්න.දැන් අපි කලින් හදා ගත්ත පීකුදු ටික මේකට දාලා විනාඩි 2ක් පමණ වැඩි ගින්දරේ පිස ගන්න. ඊළගට ගින්දර මධ්‍යම ප්‍රමාණයට අඩු කරලා පීකුදු ටික ඔක්කොම හොඳටම ඉදෙනකන් පිස ගන්න. දැන් රස බලන්න.