Tesla ‘retro-futuristic’ diner ඔබේ නගරයටත්?

  • Home
  • /
  • Blog
  • /
  • Tesla ‘retro-futuristic’ diner ඔබේ නගරයටත්?

Elon Musk අවසානයේ Tesla හි විශ්මයජනක ‘retro-futuristic’ EV diner එක විවෘත කර ඇති අතර එය ඉතා ඉක්මනින් ඕස්ට්‍රේලියාවේ, ඔබේ නගරයටම පැමිණීමට ඉඩ තිබෙනවා.

Tesla, බොහෝ කාලයක් අපේක්ෂාවෙන් සිටි diner එක Los Angeles හි විවෘත කළා. එය retro nostalgia සමඟ අනාගත දැක්මක් ඒකාබද්ධ කරනවා. Tesla ප්‍රධාන විධායක නිලධාරී Elon Musk මුලින් 2018 දී Los Angeles හි Tesla supercharger locations වල roller skating සහ rock music වලින් පර්පූර්ණ වූ, nostalgic drive-in restaurant එකක් නිර්මාණය කිරීමේ ඔහුගේ සැලැස්ම හෙළිදරව් කළා.

ඔහුගේ නිවේදනයෙන් පසුව, Tesla සමාගම විසින් වහාම මෙම ව්‍යාපෘතිය සඳහා බලපත්‍රයක් ගොනු කළා. කෙසේ වෙතත් එම ක්‍රියාවලිය සඳහා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බොහෝ කාලයක් ගත වුණා. එම වසරේ අගභාගයේදී diner එක විවෘත කරන බවට 2023 දී Musk පොරොන්දු වුණත්, අවන්හල් සූපවේදියෙකු සහ කැලිෆෝනියා ආහාර වේදියෙකු වන Eric Greenspan පිළිබඳ මෙම වසර මුල වන තෙක් හෙළි කළේ නැහැ.

අවසානයේ මෙම diner එක සඳුදා ලොස් ඇන්ජලීස් හි විවෘත කෙරුණා. YouTube හි ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ සහ Musk ගේ X ගිණුමේ පින්තූර වලින් දැකගන්න ලැබෙන ආකාරයට විවිධ තාක්ෂණයන් එකතු කරමින් සම්ප්‍රදායික diner එකකට අලුත් හැඩයක් එක් කර තිබෙනවා.

වසර හතකට පෙර ප්‍රථම වරට නිවේදනය කළ  Elon Musk ගේ ව්‍යාපෘතිය සඳහා වූ දැක්ම සාර්ථකව යතාර්ථයක් බවට පත් වී තිබෙන ආකාරය දැකගන්න පුළුවන්. Tesla’s support page එකට අනුව, 24/7 Diner එක දක්වා තිබුණේ “අනාගත-ප්‍රතිගාමී පෙරළියක් සහිත සම්භාව්‍ය ඇමරිකානු භෝජන සංග්‍රහ අත්දැකීමක් අමුත්තන්ට ලබා දෙයි.” යනුවෙන්.

Tesla එකක් ආරෝපණය කරන අතරතුර burgers සහ fries (Cybertrucks වැනි හැඩැති පෙට්ටිවල දැමූ), මෙන්ම milkshakes ඇතුළු සුවපහසු ආහාර ලබා ගැනීමට පහසු ස්ථානයක් Tesla Diner සමග නිර්මාණය වෙලා තිබෙනවා.

සති අන්තයේ soft launch එකට සහභාගී වූ පුද්ගලයින් විසින් X හි පළ කරන ලද වීඩියෝ සහ ඡායාරූප මගින්, rollerskates වල සේවාදායකයන් සහ popcorn ලබා දෙන humanoid robot බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තා.

අවන්හලකට අමතරව, මෙම diner එකේ යෝධ තිරයක් ද යොදා තිබෙනවා. Tesla ලෝලීන්ට සහ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ වාහන charge කරන අතරතුර movie clips නරඹන්න මේ මගින් අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම, එය charge කරන අතරතුර Tesla screen එකෙනුත් මේ clips නරඹන්න පුළුවන්.

Tesla ට අනුව, සියලුම NACS-compatible EV සඳහා ලබා ගත හැකි 80 V4 Supercharger stalls වලින් diner එක සමන්විත වන අතර, එය ලොව විශාලතම නාගරික Supercharger එක බවට පත් වෙනවා.

මෙම diner එක සාර්ථක වුවහොත්, Elon ඔහුගේ සමාජ මාධ්‍යයන්හි සඳහන් කරන විදිහට, ගෝලීය වශයෙන් මීට සමාන ගොඩනැගිලි තවත් ඉදි වීමට සැලසුම් කළ හැකියි. “අපගේ retro-futuristic diner එක හොඳින් සිදුවුවහොත්, එය එසේ වනු ඇතැයි මම සිතනවා, Tesla ලොව පුරා ප්‍රධාන නගරවල මේවා ස්ථාපිත කරාවි” යැයි Musk සිය X ගිණුමේ සටහන් කර තිබුණා.

එහෙම වුනොත්නම් Tesla ‘retro-futuristic’ diner එකක් ළඟදීම ඕස්ට්‍රේලියාවෙත් දැකගන්න ලැබේවි.

 

Image Credit goes to by : https://electrek.co

Don't forget to share this post!

Recent Posts

574
November 9, 2025