රැකියාවක් හොයන ඔයාට හොඳම job එකක් වෙන හැමදේම අපි පියවරෙන් පියවර කතා කරමු.
අලුත් රැකියාවක් ලබා ගන්නනම් මුලින්ම ඔයාට ලබා ගත හැකි රැකියා මොනවද කියල දැන ගන්න වෙනවා. සේවායෝජකයින් තම රැකියා පුරප්පාඩු ප්‍රචාරය කිරීමට සහ රැකියා අපේක්ෂකයින් සොයා ගැනීමට ක්‍රම ගණනාවක් භාවිතා කරනවා.
රැකියා පුරප්පාඩු ප්‍රචාරය කරන පොදු ක්‍රම අතරට අන්තර්ජාලය, බඳවා ගැනීමේ ආයතන (recruitment agencies) සහ පුවත්පත් ඇතුළත්. Employer surveys වලින් පෙනී යන්නේ පසුගිය දශකය තුළ පුවත්පත් භාවිතය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි.
සමාජ මාධ්‍ය රැකියා දැන්වීම් ප්‍රචාරණය සඳහා ඉතා හොඳ ක්‍රමයක්. විශේෂයෙන් කලාපීය වශයෙන් හෝ විවිධ කර්මාන්ත පදනම් කරගත් Facebook job groups භාවිතා කරමින් බඳවා ගැනීමේ ප්‍රවණතාවක් වර්ධනය වන අතර එය සේවායෝජකයින්ට පුරප්පාඩු පළ කිරීමට ලාභදායී ක්‍රමයක් ද වෙනවා.
ඒ වගේම රැකියාවක් හොයන ඔයා දැනගෙන සිටිය යුතු තවත් වැදගත්ම දෙයක් තමයි හැම තනතුරක්ම පොදුවේ ප්‍රචාරය කරන්නේ නැහැ කියන එක. ඒ වෙනුවට employers ලා භාවිතා කරන තවත් ජනප්‍රිය ක්‍රමයක් තමයි word of mouth, එහෙමත් නැත්නම් කටින් කට ප්‍රචාරය කිරීම. මේකෙදී, මෙම තනතුර ගැන උනන්දුවක් දක්වන කෙනෙක් ගැන ඔවුන් දන්නවාද කියල දැනට වැඩ කරන employees ලාගෙන්, හිතවතුන්ගෙන්, පවුලේ අයගෙන් අහනවා.
රැකියා අවස්ථා පිළිබඳව ඔවුන්ට සෘජුවම ජනතාව දැනුවත් කරන්නත් පුළුවන්. Jobs and Skills Australia (JSA) හි පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ සියලුම සේවා යෝජකයින්ගෙන් හතරෙන් එකක් පමණ තනතුරු පිරවීම සඳහා කටින් කට පණිවිඩ යැවීම භාවිතා කර ඇති බවයි. ඔයා රැකියාවක් සොයන කෙනෙක්නම් ඒ බව මිතුරන්ට, පවුලේ අයට, පාසල් ගුරුවරුන්ට හෝ අසල්වැසියන්ට පැවසීමෙන්, රැකියා ඇබෑර්තුවක් ගැන අසන්නට ලැබීමේ හෝ පවතින රැකියා ඇබෑර්තුවක් සඳහා නිර්දේශ වීමට ඇති අවස්ථාව වැඩි කරගන්න පුළුවන්.
සමහර sectors වල employers ලා සම්බන්ධ කර ගන්න සමාජ මාධ්‍ය කියන්නේ ඉතා හොඳ ක්‍රමයක්.
කොහොම වුනත්, වහාම රැකියාවක් පිළිබඳ අහන්න එපා. දැනට ඔබ කරමින් සිටින හෝ කරමින් සිටි රැකියාව, අධ්‍යාපනය සහ පුහුණුවීම පිළිබඳව කෙටි පණිවිඩයක් යවන්න. ඔබ වැඩ කිරීමට හෝ ඔබේ පෙර රැකියාවෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව ඔවුන්ට දන්වා උපදෙස් හෝ ඒ පිළිබඳ අවබෝධයක් ඉල්ලා සිටින්න. මේ ආකාරයෙන්, ඔබ කතා කරන අයෙකු අවස්ථාවක් ගැන දැනුවත් වුවහොත්, ඔවුන් ඔබ ගැන සිතීමට වැඩි ඉඩක් තිබෙනවා.
නමුත් පරිස්සම් විය යුතු දේකුත් තිබෙනවා. අන්තර්ජාලය හරහා රැකියා සොයන්නන් ඉලක්ක කරන වංචාකරුවන් ද සිටිනවා. message එක හෝ email එක නිවැරදි දෙයක් කියලා ඔබට සිතෙන්නේ නැති නම්, එය සත්‍ය ලෙස පිළිගැනීමට අමාරු තරමතම හොඳ යැයි පෙනෙනවා නම්, පණිවිඩය මකන්න. රැකියා සෙවීමට භාවිත කරන සමාජ මාධ්‍යය අතර LinkedIn ද භාවිතා වෙනවා. මෙය ඉහළ කුසලතා ඇති තනතුරු සඳහා විශේෂයි.
රැකියාවක් සොයා ගැනීමට වැදගත් වෙන tips සහ Employers ලා බහුලව භාවිත කරන recruitment methods ගැන ඊළඟ article එකෙන් කතා කරමු.