පෘථිවිය, ජූලි 22 (ඊයේ) තම සාමාන්‍ය කාලයට වඩා තරමක් අඩු කාලයකින් සම්පූර්ණ භ්‍රමණයක් සම්පූර්ණ කර ඇති අතර එය මෙතෙක් වාර්තා වී ඇති කෙටිම දිනවලින් එකක් බවට පත් වුණා.
එම වෙනස සම්මත පැය 24 ට වඩා මිලි තත්පර 1.34 කින් අඩු වනු ඇති බවයි විද්‍යාඥයින් දක්වා තිබුණේ. මෙය අපිට දැකිය හැකි දෙයක් නෙවෙයි. නමුත් එය මෑත වසරවල කතා කෙරුණු පෘථිවියේ භ්‍රමණ හැසිරීමේ ප්‍රහේලිකාවක කොටසක්. එය දිගටම පැවතුනහොත්, 2029 දී පමණ පරමාණුක ඔරලෝසු වලින් තත්පරයක් අඩු කිරීමට අවශ්‍ය විය හැකියි.
පෘථිවියේ භ්‍රමණ වේගය ස්ථාවර දෙයක් නොවෙයි. බොහෝ කාලයකට කලින්, දිනයක් පැය 24 ට වඩා බොහෝ කෙටියි. 2023 අධ්‍යයනයකට අනුව, සූර්ය වායුගෝලයේ වඩදිය බාදිය සහ චන්ද්‍ර සාගර වඩදිය බාදිය අතර සමතුලිතතාවයක් හේතුවෙන් පෘථිවියේ මුල් ඉතිහාසයේ කාලයක්, පෘථිවියේ දිනයක් ආසන්න වශයෙන් පැය 19 ක් ව පැවතුණා.
කෙසේ වෙතත්, මේ දීර්ග කාලය තුළ, පෘථිවියේ දිනයක් නිරන්තරයෙන් දිගු වෙලා තිබෙනවා. මීට ප්‍රධාන බලපෑම චන්ද්‍රයාගේ උදම් ඝර්ෂණය වන අතර එය ක්‍රමයෙන් පෘථිවියෙන් ඈත් වීම හේතු වී තිබෙනවා. එය ඉවතට යන විට, චන්ද්‍රයා පෘථිවියේ භ්‍රමණ ශක්තිය අවශෝෂණය කරන අතර එමඟින් පෘථිවියේ භ්‍රමණය මන්දගාමී වී දිනයක් දීර්ඝ වෙනවා.