සුන්දර මුහුද යට සංචාරයකට එන්න

  • Home
  • /
  • Blog
  • /
  • සුන්දර මුහුද යට සංචාරයකට එන්න

Melbourne Aquarium එක අන්තර්ක්‍රියාකාරී සත්ව ක්‍රියාකාරකම් සහ සුවිශේෂී කලා සංදර්ශන ඇතුළුව විශ්මයජනක කලාප 12 කින් සමන්විත වෙනවා. දහස් ගණනක් ජලජ සතුන්ට නිවහන වන, මේ SEA LIFE Melbourne Aquarium එක කියන්නෙම ලෝක හතරක් එක් වුණු විනෝදාත්මක සහ අධ්‍යාපනික අත්දැකීමක්.

අති නවීන ඇන්ටාක්ටිකාවේ ප්‍රදර්ශනය, majestic King සහ Gentoo penguins සමඟ මුහුණට මුහුණ අත්දැකීම් සහ පුදුම සහගත අවස්ථා නිර්මාණය කරනවා. ඔවුන් තටාකයේ විසිරී යන ආකාරය සහ හිමෙන් වැසී ඇති අයිස් හරහා ලිස්සා යන ආකාරය සජීවීව ඔබට බලාගන්න පුළුවන්. අන්තර්ක්‍රියාකාරී සංදර්ශන සහ විශ්මයජනක දර්ශන පෘථිවියේ සීතලම, සුළං සහිතම සහ වියළිම මහාද්වීපය පිළිබඳව ඔබව  දැනුවත් කරන අතරම විනෝදාස්වාදය ද ගෙන එනවා.

ලෝකයේ විශාලතම seahorse සහ seadragon  විශේෂ එකතුවක් ඇති සම්පූර්ණයෙන්ම නව ප්‍රදර්ශනයක් වන Seahorse Pier, නරඹන්නන් අතිශය පුදුමයට පත් කරනවා. ඔවුන්ගේ නව හා අද්භූත තේමාවන් සහිත දිය යට ආශ්චර්යමත් දේශයේ විශ්මයජනක වර්ණ මවන අපූරු ජීවීන්ගේ විචිත්‍රත්වය අත්විඳින්නත් ඔබට පුළුවන්.

ගඟේ සිට ගල්පර දක්වා ගමන අත්විඳින ගමන් අද්භූත sea jellies සහ යෝධ පැසිෆික් බූවල්ලා දැක බලා ගන්නත් පුළුවන්. විශ්මයජනක Coral Atoll හි වර්ණවත් නිවර්තන සතුන් සහ මෝරුන්, කැස්බෑවන්, ගෙම්බන්, සර්පයන්, eels වැනි විදේශීය මිරිදිය සතුන් රාශියක් දැක ගන්නත් අවස්ථාව තිබෙනවා.

SEA LIFE මෙල්බර්න් මින්මැදුරේ ලීටර් මිලියන 2.2 ක, අහස වෙත නැගුණු දැවැන්ත සාගරයක් බඳු තටාකයේ බිය උපදවන මෝරුන්, දැවැන්ත stingrays, කැස්බෑවන් සහ Sharks Alive හි විස්මිත ජලජ සතුන් දහස් ගණනකින් පිරුණු දිය යට ලෝකයකින් ඔබට වට වී සිටිය හැකියි.

දිනපතා සත්වයින්ට ආහාර දීමට සහ කිමිදුම්කරුවන්ගේ වික්‍රමාන්විත ඉදිරිපත් කිරීම් නැරඹීමටත් SEA LIFE Melbourne Aquarium එක වෙත එන ඔබට අවස්ථාව තිබෙනවා.

ඔයා තවමත් Melbourne වලට අලුත් කෙනෙක්නම් SEA LIFE Melbourne Aquarium එකට යන විදිහත් කියන්නම්.

Car & Parking

Crown වල Multi-level Carpark එක SEA LIFE Melbourne Aquarium එකට පහසු ප්‍රවේශයක් ලබා දෙනවා. ඔබට මෝටර් රථය නවතා Yarra ගඟ හරහා SEA LIFE Melbourne Aquarium එකේ ප්‍රධාන දොරටුව වෙත පයින් ගමන් කරන්න පුළුවන්.

අමුත්තන්ට, Clarendon Street එකෙන් Haig Street එක හරහා; නගර මාර්ගයෙන් Clarke Street එක හරහා හෝ; Kingsway overpass එක හරහා Multi-level Carpark එක වෙත ප්‍රවේශ වෙන්න පුළුවන්.

474 Flinders Street හි ආරක්ෂිත වාහන නැවැත්වීමේ පහසුකම්, SEA LIFE Melbourne Aquarium නරඹන්නන් සඳහා වට්ටම් සහිත වාහන නැවැත්වීමේ පහසුකම් සපයනවා.

Train

Flinders Street සහ Southern Cross Stations අතර SEA LIFE Melbourne Aquarium එක පිහිටා තිබෙනවා.

Tram

අලුතින් නම් කරන ලද ‘Melbourne Aquarium’ සුපිරි නැවතුම SEA LIFE Melbourne Aquarium වෙත සහ ඉන් පිටතට ගමන් කිරීම වේගවත් සහ පහසු කර තිබෙනවා. SEA LIFE Melbourne Aquarium එක, free City Circle Tram මාර්ගයේ සහ Route 48 NewQuay Docklands – North Balwyn හි පිහිටා තිබෙනවා. City Circle ට්‍රෑම් රථ සෑම මිනිත්තු 10 කට වරක් දෙපැත්තටම ධාවනය වෙනවා.

 

Image Credit – https://whatson.melbourne.vic.gov.au/

Don't forget to share this post!

Recent Posts

569
November 8, 2025