Western Australia-Sri Lanka (Ceylon) Association හෙවත් WASLA යනු 1971 දී Perth හි ජනගහනය 745,000 ක් පමණක් වූ විට, කීර්තිමත් ශ්‍රී ලාංකිකයෙකු වන Charles Oorloff මහතා විසින් ආරම්භ කරන ලද ප්‍රජා පාදක සංගමයක්.
මෙම ආරම්භයේ සිට WASLA සමෘද්ධිමත් සංවිධානයක් බවට වර්ධනය වූ අතර එයට 2021 දී Charity status එකද ද ප්‍රදානය කෙරුණා. WASLA හි මෙහෙවර වන්නේ ශ්‍රී ලාංකිකයින්ට ඕස්ට්‍රේලියානු ප්‍රජාවට හොඳින් ඒකාබද්ධ වීමට සහාය වීමෙන් ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ජනතාව අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා ශක්තිමත් පදනමක් ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීමයි.
බටහිර ඕස්ට්‍රේලියාවේ විවිධත්වය පිළිගන්නා අතරම සියලුම ශ්‍රී ලාංකික සංස්කෘතික සැමරුම්වලට ගරු කරන ප්‍රජාවක් සංවිධානය කිරීමට මෙය මූලිකත්වය ගෙන කටයුතු කරනවා. ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ තීරණාත්මක අවශ්‍යතා හඳුනා ගැනීම සහ අවශ්‍ය අවස්ථා වලදී උපකාර කිරීමට WASLA එක්ව කටයුතු කරනවා.
ප්‍රජාව අතර සහයෝගීතාව සහ විනෝදය සඳහා බොහෝ සමාජ ක්‍රියාකාරකම් සංවිධානය කරන අතරම, බටහිර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව පදනම් කරගත් අධ්‍යාපනය, විශේෂ අවශ්‍යතා යන ක්ෂේත්‍රවල විවිධ සමාජසේවා කටයුතු වලට සහාය වීම සඳහා මේ හරහා අරමුදල් ද රැස් කරනවා.
ඉතින් ඔයත් Western Australia වල ඉන්න ශ්‍රී ලාංකිකයෙක්නම්, එහෙමත් නැත්නම් ළඟදීම යන්න ඉන්න ශ්‍රී ලාංකිකයෙක් වුණත් ඔබටත් පුළුවන් WASLA වෙත කතා කරන්න වගේම ඔවුන් හා එකතු වෙන්න.
Address: 275 Stirling Street, Perth WA 6000
E-mail: admin@wasla.com.au
වැඩි විස්තර දැනගන්න වගේම WASLA හි සාමාජිකත්වය ලබා ගන්න: https://www.wasla.com.au/