Baking වලට කැමති අයට

  • Home
  • /
  • Blog
  • /
  • Baking වලට කැමති අයට

Baking වලට කැමති අයට ගොඩක් වටිනා දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ජාත්‍යන්තරව වැඩියෙන්ම අලෙවි වන Plain Cake Appreciation Society එකේ නිර්මාතෘගෙන් baby cakes, slices, tarts සහ අනෙකුත් කුඩා, පැණිරස කැවිලි සඳහා රසවත්ම වට්ටෝරු එකතුවක් තමයි මේ. 

මේ දිනවල වැඩියෙන් අලෙවි වන මේ bite-sized bakes ගැන ලියවුනු මේ පොත Handfuls of Sunshine ලෙස නම් කරලා තිබෙනවා. මෙය ඔබේ ජීවිතය වඩාත් මිහිරි කරාවි.

Plain Cake Appreciation Society එකේ කතුවරිය වන Tilly Pamment, bite-sized bakes සඳහා අද්විතීය වට්ටෝරු 70 කට වඩා වැඩි එකතුවක් සමඟ නැවත පැමිණෙනවා. ඕනෑම අවස්තාවක් සඳහා, ලොකු කුඩා ඕනෑම කෙනෙක් සඳහා  ගැලපෙන විදිහට පිළියෙළ කරගන්න පුළුවන් විවධ කෑම රැසක් මෙහි අඩංගු වෙනවා.

මේ පොතේ විවධ පරිච්ඡේද කිහිපයක්ම ඇතුලත් වෙනවා. Homemade Sunbeams Slices of Joy, Baby Cakes Buttery Bliss, Pantry Keepers Postable Love ඒ අතරින් කිහිපයක්.

ඕස්ට්‍රේලියානු වට්ටෝරු ලේඛිකාවක්, ඡායාරූප ශිල්පිනියක් සහ මෝස්තර ශිල්පිනියක් ද වෙන Tilly Pamment ගේ මේ රසවත් වට්ටෝරු රස බලන්න වගේම අනිත් අය එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

 

Image credit goes to: www.amazon.com.au

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025