ලක්ෂ ගණනින් තහනම් වෙන WhatsApp ගිණුම්

  • Home
  • /
  • News
  • /
  • ලක්ෂ ගණනින් තහනම් වෙන WhatsApp ගිණුම්

2025 ජූනි මාසය තුළ, ඉන්දියාවේ WhatsApp ගිණුම් ලක්ෂ 98කට අධික ප්‍රමාණයක් අනිසි භාවිතය සහ හානිකර හැසිරීම් වලට එරෙහිව තහනම් කර ඇති බව WhatsApp ආයතනය නිකුත් කළ මාසික වාර්තාවක් අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ගිණුම් අතරින් ලක්ෂ 19.79කට ආසන්න ප්‍රමාණයක් පරිශීලක පැමිණිලි ලැබීමට පෙරම තහනම් කර ඇති අතර, WhatsApp සමාගම සඳහන් කරන්නේ එවැනි හානිකර ක්‍රියාකාරකම් මතුවීමට පෙර ඒවා වැළැක්වීම තම ප්‍රමුඛතාවය බවයි.

වෙනත් දත්ත අනුව, 2025 ජූනි මාසය තුළ WhatsApp වෙත තහනම් කිරීම් සම්බන්ධව අභියාචනා 16,069ක් ලැබී ඇති අතර, ඒවායෙන් 756ක් සඳහාම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වාර්තාවේ පැහැදිලි කෙරේ. එම කාලසීමාවේදී සමාගමට ලැබුණු සමස්ත පරිශීලක පැමිණිලි ගණන 23,596ක් වන අතර, ඉන් 1,001ක් සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගත් බවද සදහන් වේ.

WhatsApp සමාගම ප්‍රකාශ කළේ ඔවුන්ගේ අපයෝජන හඳුනාගැනීමේ පද්ධතිය තුළ ගිණුම් නිර්මාණයේ අවස්ථාවේ සිට, පණිවිඩ යැවීමේ හැසිරීම් සහ පරිශීලකයන්ගෙන් ලැබෙන ඍණාත්මක ප්‍රතිචාර සලකා බලමින් මූලික අදියර තුනක ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවයි. එසේම, Android පරිශීලකයන් සඳහා WhatsApp හඳුන්වාදීමට යන නව රාත්‍රී මාදිලිය පිළිබඳවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය අඳුරු ආලෝක තත්ත්වයන් යටතේ ඡායාරූප ගණුදෙනුව තවත් ගුණාත්මක කරවීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන නවීන ව්‍යාපෘතියක් ලෙස සලකයි.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025