Heavy Vehicle National Law (HVNL) එහෙමත් නැත්නම් බර වාහන වලට අදාළ ජාතික නීතිය දළ වාහන ස්කන්ධය ටොන් 4.5 ට වැඩි බර වාහන භාවිතය නියාමනය කරනවා. Western Australia සහ Northern Territory හැර, එය ජාතික වශයෙන් අදාළ වෙනවා.
පොදු ආරක්ෂාවට, පරිසරයේ ආරක්ෂාවට, මාර්ගවල තිබෙන යටිතල පහසුකම් කළමනාකරණය කරන්න, ඒ ඒ ක්ෂේත්‍රවල ඵලදායීතාව සහ කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කරගන්න ආදිය සඳහා මෙම නීතිය ඉතා වැදගත් වෙනවා.
HVNL අදාළ වන සියලුම අධිකරණ බල ප්‍රදේශවල, එම අධිකරණ බල ප්‍රදේශයට අදාළ නීතියක් ලෙස HVNL නීති ක්‍රියාත්මක වෙනවා.
NTC (National Transport Commission) විසින් HVNL සඳහා නියාමන වැඩිදියුණු කිරීම් හා නඩත්තු කිරීම කළමනාකරණය කරනවා. National Heavy Vehicle Regulator (NHVR) එය පරිපාලනය කර බලාත්මක කරනවා.
HVNL
HVNL හි බර වාහන ජාතික නීතිය සහ සහායක රෙගුලාසි sets පහක් ඇතුළත් වෙනවා;
- Heavy Vehicle (General) National Regulation
- Heavy Vehicle (Fatigue Management) National Regulation
- Heavy Vehicle (Mass, Dimension and Loading) National Regulation
- Heavy Vehicle (Vehicle Standards) National Regulation
- Heavy Vehicle (Registration) National Regulation
දැනට පවතින නීතිය Queensland Legislation website එකට ගියොත් සම්පූර්ණයෙන් ලබා ගන්න පුළුවන්.
HVNL අදාළ වන්නේ මොන ප්‍රදේශ වලද?
එය දැනට ක්‍රියාත්මක වන්නේ:
- Queensland
- New South Wales
- Australian Capital Territory
- Victoria
- Tasmania
- South Australia
සමහර states and territories වල නීතියේ සමහර කොටස් වෙනස් කර ක්‍රියාත්මක කෙරෙනවා. අදාළ states and territories වල legislation websites වෙත පිවිසුනොත් ඔයාට මෙම වෙනස්කම් බලාගන්න පුළුවන්.
HVNL සහ එහි රෙගුලාසි 2014 පෙබරවාරි 10 වන දින ආරම්භ වුණා. Queensland පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද HVNL අනෙකුත් states සහ territories වලින් ඔවුන්ගේ පාර්ලිමේන්තුවල ක්‍රියාත්මක කිරීම සඳහා සම්මත කර තිබෙනවා.
දැනට පවතින නීති සහ රෙගුලාසි දැනගන්න Queensland Legislation website එකට පිවිසෙන්න.
https://www.legislation.qld.gov.au/LEGISLTN/CURRENT/H/HeavyVehNatLaw.pdf
මේ නීති මොනවද කියලා ඉදිරියේදී අපි වෙන වෙනම බලමු.