Job එකක් හොයන ඔයාට නැතුවම බැරි Skills

  • Home
  • /
  • Blog
  • /
  • Job එකක් හොයන ඔයාට නැතුවම බැරි Skills

රැකියාවක් සොයන ඔයාට උදව් වෙන රැකියාවක් හොයන හරිම විදිහ, employers ලා සලකා බලන කරුණු, ඔයාට තිබිය යුතු සුදුසුකම්, work experience වගේ මූලික කරුණු කිහිපයක්ම අපි කලින් articles වලින් කතා කළා. 

අද අපි බලමු ඕනෑම රැකියාවකට අවශ්‍ය වෙන කුසලතා, එහෙමත් නැත්නම් Employability skills ගැන.

රැකියා නියුක්ති කුසලතා එහෙමත් නැත්නම් Employability skills යනු බොහෝ රැකියා සඳහා අවශ්‍ය වෙන මූලිකම කුසලතා වන අතර මේවා කුඩා අවධියේදී සහ පාසල් අධ්‍යාපනයේදී ලබාගත් විශේෂඥ නොවන කුසලතා සමූහයක්. 

ඒවා අනෙකුත් කුසලතා සහ විශේෂතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පදනම සපයනවා. සන්නිවේදන කුසලතා, කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඇති හැකියාව සහ ගැටළු විසඳීමේ කුසලතා යන සියල්ලම Employability skills සඳහා උදාහරණ. මේ Employability skills විවිධ නම් වලින් හඳුන්වනවා. ඒ අතර ‘foundation skills’, ‘soft skills’, ‘personal skills’, ‘core competencies’ සහ ‘21st century skills’ යන නම් ප්‍රසිද්ධයි.

සේවායෝජකයින් බොහෝ විට මේවාට ඉහළ වටිනාකමක් ලබා දෙන්නේ ඔවුන්ගේ ව්‍යාපාරයට හොඳින් ගැලපෙන කෙනෙකු තෝරාගැනීමට අවශ්‍ය නිසා. රැකියා පළපුරුද්ද තුළින් ඔබට මෙම කුසලතා ලබා ගන්න පුළුවන් වුණත්, ඒවා එක් එක් රැකියාවට අනන්‍ය නොවන අතර විවිධ වෘත්තීන් සහ කර්මාන්ත වලදී වෙනස් වෙනවා.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025