ඇපල් හි ඉදිරියෙදී නිකුත් වීමට නියමිත iPhone 17 Air දුරකථනයේ ඝනකම 5.44mm පමණක් වන බවට කටකතා පැතිර යන අතර එය Samsung හි Galaxy S25 Edge දුරකථනයට වඩා සිහින් විය හැකි බව තාක්ෂණික විශේෂඥයින් පවසනවා.
5.8mm ඝණකමකින් යුත් Samsung හි Galaxy S25 Edge, ඇපල් හි ඉදිරි iPhone 17 Air දුරකථනයේ ප්‍රධාන තරඟකරුවා ලෙස සැලකෙනවා. Plus මාදිලි ප්‍රතිස්ථාපනය කිරීමට අපේක්ෂා කරන iPhone 17 Air, ultra-slim, sleek design එකකින් පැමිණෙනවා. එය Apple හි affordable segment එක ඉලක්ක කරනු ඇති බවද පැවසෙනවා.
ඇපල් iPhone 17 Air හි සිහින් සැලසුම නිසැකවම පරිශීලකයන් ආකර්ෂණය කර ගනු ඇතත්, සීමිත අභ්‍යන්තර ඉඩ ප්‍රමාණය camera capabilities සහ battery design වෙත බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
පිට වන තොරතුරු ඉඟි කරන ආකාරයට iPhone 17 Air දුරකථනයේ ඝනකම 5.44mm සිට 5.65mm දක්වා විය හැකි බව අනුමාන කරනවා. එය නිවැරදි නම්, TechRadar වාර්තාවකට අනුව, එය වෙළඳපොලේ ඇති සිහින්ම, ප්‍රධාන ධාරාවේ ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස සැලකෙන Samsung හි Galaxy S25 Edge අභිබවා යනු ඇත.
Galaxy S25 Edge හා සසඳන විට iPhone 17 Air හි, තරමක් වැඩියෙන් නෙරා ඇති කැමරා කාචයක් තිබිය හැකි බවට ද පැවසෙනවා.
එහි අතිශය සිහින් බව නිසා, iPhone 17 Air හි බැටරි ධාරිතාව 3,000 mAh ට අඩු විය හැකියි. ලෝහ ආවරණයද සමග බැටරියේ ඝණකම 2.49mm පමණ විය හැකියි. තවත් සමහර වාර්තා පෙන්වා දෙන්නේ මෙම මාදිලියට Apple හි A19 Pro චිපයක් සමඟ සම්බන්ධ කරන ලද high-density 2800 mAh battery එකක් තිබිය හැකි බවයි.
මෙලෙස විවිධ වූ මත පලවන අතර සැප්තැම්බර් මාසයේදී මේ අලුත් model එක නිකුත් කළ පසු සැබෑ හැකියාවන් දැකගන්න පුළුවන්. iPhone 17 Air ට අමතරව, මේ new series එක iPhone 17 base mode, iPhone 17 Pro සහ iPhone 17 Pro Max වලින්ද සමන්විතයි.
ඇපල් සමාගම තවමත් එය නිල වශයෙන් launch කරන දිනයක් හෙළි කර නොමැති අතර, ඔවුන් විසින් සැප්තැම්බර් 8 හෝ 9 යන දිනවල මෙම new series එක නිකුත් කරනු ඇතැයි පුළුල් ලෙස අපේක්ෂා කරනවා.