තමන්ගේම business එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට අවශ්‍ය හැමදේම පියවරෙන් පියවර අපි මේ ලිපි මාලාවෙන් කතා කරනවා. business එකක් පටන් ගන්න කලින් පරීක්ෂා කළ යුතු දේවල්, තීරණය කල යුතු දේවල් සහ කළ යුතු දේවල් මොනවද?, business එක හරියට define කරගන්නේ කොහොමද? business එකේ ව්‍යුහය, නම සහ ස්ථානය වගේ දේවල් තීරණය කරගන්න විදිය, business එකට ගැලපෙන Business Plan එක හදාගන්න විදිහ, Business එක Register කරන ආකාරය, Business එකට අදාළ මූල්‍ය කටයුතු සංවිධානය කරගන්න ආකාරය ගැන අපි කලින් articles වලින් කතා කළා.
දැන් අපි බලමු ඔයාගේ business එකට customers ලා හොයාගන්නේ කොහොමද කියලා.
සෑම ව්‍යාපාරයකටම සාර්ථක වෙන්න නම් ගනුදෙනුකරුවන් අවශ්‍යයි. ඒ නිසා ඔයාගේ ව්‍යාපාරය promote කරන්නේ කෙසේද සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේදැයි සොයා බලන එක වැදගත්. මේක පියවර කිහිපයකින් සිදු කරන්න පුළුවන්. මේ ගැන අපි පියවරෙන් පියවර අපි කතා කරමු.
- ඔබේ ව්‍යාපාරය Market කරන්න
Marketing කියන්නේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ නිෂ්පාදන හෝ සේවා විකිණීමට ඔයා කරන ක්‍රියාකාරකම්.
Marketing වල පළමු පියවර වන්නේ ඔයාගේ ඉලක්ක වෙළඳපොළ හඳුනා ගැනීම. ඉලක්ක වෙළඳපොල විදිහට හඳුන්වන්නේ ඔයාගේ නිෂ්පාදන හෝ සේවා විකිණීමට අවශ්‍ය පුද්ගලයින්. මේකෙදී Marketing වටා ඇති නීති ද ඔයා තේරුම් ගන්න එක වැදගත්.
මේකෙදී ඔයා ගනුදෙනුකරුවන්ට ඔයාගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන අලෙවිකරණ සැලැස්මක් එහෙමත් නැත්නම් marketing plan එකක් හදාගන්න.
- website එකක් හදාගන්න
වෙබ් අඩවියක් මඟින් ගනුදෙනුකරුවන්ට ඔයාගේ බුසිනේස්ස් එක පහසුවෙන් සොයා ගැනීමට, නිෂ්පාදන හෝ සේවා ගැන දැන ගැනීමට සහ ඔබෙන් සෘජුවම මිලදී ගැනීම් කිරීමට ඉඩ ලබා දෙනවා.
website එකක් හදාගන්න ඔයාට domain name එකක් අවශ්‍ය වෙනවා. domain name එකක් ගන්න එක ගැන අපි කලින් දවසකත් කතා කළා. ඔයාගේ website එක publish කරන්න සහ update කරන්න hosting service එකක් සහ content management system (CMS) එකක් තෝරා ගත යුතුයි.
ඔයාගේ website එක සඳහා pre-built template එකක් භාවිත කරන්න හෝ ගෙවීමක් සිදු කරලා ඔයාගෙම custom design එකක් කරගන්නත් පුළුවන්. අදාළ විදිහට සරල වචන, කෙටි වාක්‍ය සහ රූප භාවිත කරලා Website එක හදාගන්න.
අද කතා කරපු හැම දේම සාරාංශයක් විදිහට ගත්තොත් ඔයාගේ checklist එක;
- ඔබේ ඉලක්කගත ගනුදෙනුකරුවන් හඳුනාගෙන කොටස් කරන්න
- marketing plan එකක් හදාගන්න
- marketing සඳහා අදාළ වෙන legal rules තේරුම් ගන්න
- hosting service එකක් content management system (CMS) එකක් සහ ecommerce platform (අවශ්‍ය නම්) එකක් තෝරාගන්න
- ඔයාගේ website එක Design කරන්න
- ඔයාගේ Web content එක හදන්න
- Website එක test කරලා errors ඇත්නම් fix කරගන්න
- ඔයාගේ website එකේ security එක check කරන්න
- ඔයාගේ website එක launch කරන්න