ඕස්ට්‍රේලියාවේ තිබෙන එකිනෙකට වෙනස් පොලීසි

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ තිබෙන එකිනෙකට වෙනස් පොලීසි

ඔයා ඕස්ට්‍රේලියාවට පැමිණි දවසේ සිට බොහෝ රාජ්‍ය නිලධාරීන් සමඟ කටයුතු කරලා ඇති. නිලධාරීන්, වෘත්තීය හා සාධාරණ සේවාවක් සැපයීම සඳහා දැඩි ලෙස නීතිරීතිවලට බැඳී සිටිනවා. වඩා හොඳ සේවාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නිලධාරියෙකුට කිසිදු මුදලක් ලබා දෙන්න එපා. මේක නීතියට පටහැනියි. ඕනෑම ආකාරයක මුදලක් හෝ අල්ලසක් ලබා දුන්නොත් ඔයාට එරෙහිව අපරාධ ක්‍රියාමාර්ග ගන්න ඒක හේතුවක් වෙනවා.

ඕස්ට්‍රේලියානු පොලීසිය

ඕස්ට්‍රේලියාවේ පොලීසිය ද රජයේ සේවකයින් වන අතර, ප්‍රජාව තුළ සාමය පවත්වා ගැනීමට සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කරන්න කටයුතු කරනවා. සෑම state එකකටම සහ territory එකකටම තමන්ගේම පොලිස් බලකායක් තිබෙනවා. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (Australian Federal Police) ජාතික පොලිසිය වෙනවා. එක් එක් state එකේ සහ territory එකේ නීතිය එකිනෙකට වෙනස්. පොලීසිය විසින් අපරාධ වැළැක්වීම සහ අනාවරණය කිරීම, ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සහ අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනවා. ඕස්ට්‍රේලියානු පොලිස් බලකාය හමුදාවේ කොටසක් නොවෙයි. ඔයා ඕස්ට්‍රේලියානු පොලීසියට බය වෙන්න අවශ්‍ය නැහැ. සිදුවිය යුත්තේ ඔවුන්ට ගරු කිරීම සහ සෑම විටම ඔවුන්ගේ උපදෙස් වලට සවන් දීලා අනුගමනය කිරීමට කටයුතු කිරීමයි.

 

 

Image credit goes to by : https://www.pexels.com/

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025