යන යන තැන ඔබ සොයා එන නීතිය

  • Home
  • /
  • Blog
  • /
  • යන යන තැන ඔබ සොයා එන නීතිය

ඕස්ට්‍රේලියානු නීතිය ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ රටේ සිටින පදිංචිකරුවන්ට අදාළයි. ඕස්ට්‍රේලියානු අධිකරණ පද්ධතිය රජයෙන් ස්වාධීනව කටයුතු කරනවා. ඕස්ට්‍රේලියානු නීති පිළිබඳව ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, ඒ පිළිබඳව හොඳින් අවබෝධය ඇති වගකිව යුතු පාර්ශවයකින් අසා දැන ගැනීම ඉතා වැදගත්. එවිට මෙම නීති, ඔබට සහ ඔබේ පවුලට අදාළ වන ආකාරය නිවැරදිව තේරුම් ගැනීමට ඔවුන්ගේ උදව් ලබාගන්න පුළුවන්. 

නීති පැවතීමට සහ ක්‍රියාත්මක වීමට එක් හේතුවක් වන්නේ ඔබ අන් සැවොම ආරක්ෂිතව තබා ගැනීමයි. ඔයා තවමත් ඕස්ට්‍රේලියානු නීති පිලිබඳ පැහැදිලි අවබෝධයක් නැති කෙනෙක්නම් මූලික නීති කිහිපයක් දැන ගැනීම ඕස්ට්‍රේලියාවේ ඔයාගේ අලුත් ජීවිතයට අනුවර්තනය වීමට උදව් වෙනවා.

සමානාත්මතාවය සහ නීතිය

ඕස්ට්‍රේලියාව තුළ සියලුම පුද්ගලයින් නීතිය යටතේ සමානයි. සියලුම ඕස්ට්‍රේලියානුවන්ට සාධාරණ හා සමාන ආකාරයක ගරුත්වයක් සහ සැලකීමක් ලැබීමට අයිතියක් තිබෙනවා. 

මෙය රැකියාව, අධ්‍යාපනය, නවාතැන්, ආගමික නිදහස (ඕස්ට්‍රේලියානු නීතිවලට යටත්ව), භාණ්ඩ මිලදී ගැනීම, වෛද්‍යවරුන්, බැංකු සහ හෝටල් වැනි සේවාවන් සඳහා ප්‍රවේශය සහ බලධාරීන් විසින් රඳවා තබා ගැනීම හෝ අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ වෙනවා. කිසිදු පුද්ගලයෙකුට ඔවුන්ගේ:

  • ස්ත්‍රී පුරුෂ භාවය
  • ජාතිය/ජනවාර්ගිකත්වය
  • උපන් රට
  • වයස
  • විවාහක තත්ත්වය
  • ගැබ් ගැනීම
  • දේශපාලන සහ ආගමික විශ්වාසයන්
  • ආබාධිතභාවය
  • ලිංගික මනාපයන් නිසා වෙනස් ලෙස සැලකිය නොහැකියි.

මේ එක එක අවස්ථා වලට අදාළ වෙන ඕස්ට්‍රේලියානු නීති ගැන හැමදේම වෙන වෙනම අපි ඉදිරියේදී කතා කරමු.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025