අලුත් Business එක Hit එකක් කරගන්න විදිහ

  • Home
  • /
  • Blog
  • /
  • අලුත් Business එක Hit එකක් කරගන්න විදිහ

තමන්ගේම business එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට අවශ්‍ය හැමදේම පියවරෙන් පියවර අපි මේ ලිපි මාලාවෙන් කතා කරනවා. business එකක් පටන් ගන්න කලින් පරීක්ෂා කළ යුතු දේවල්, තීරණය කල යුතු දේවල් සහ කළ යුතු දේවල් මොනවද?, business එක හරියට define කරගන්නේ කොහොමද? business එකේ ව්‍යුහය, නම සහ ස්ථානය වගේ දේවල් තීරණය කරගන්න විදිය,  business එකට ගැලපෙන Business Plan එක හදාගන්න විදිහ, Business එක Register කරන ආකාරය, Business එකට අදාළ මූල්‍ය කටයුතු සංවිධානය කරගන්න ආකාරය ගැන අපි කලින් articles වලින් කතා කළා. 

සෑම ව්‍යාපාරයකටම සාර්ථක වෙන්න නම්  ගනුදෙනුකරුවන් අවශ්‍යයි. ඒ නිසා ඔයාගේ ව්‍යාපාරය promote කරන්නේ කෙසේද සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේදැයි සොයා බලන එක වැදගත්. මේක පියවර කිහිපයකින් සිදු කරන්න පුළුවන්. 

ඔයාගේ business එකට customers ලා හොයාගන්නේ කොහොමද කියන එකේ පලවෙනි පියවර 2 අපි කලින් දවසක් කිව්වා. ඒ තමයි;

  1. ඔබේ ව්‍යාපාරය Market කරන්න 
  2. website එකක් හදාගන්න 

අද අපි බලමු අනෙකුත් පියවර ගැන.

3 . Social media presence එක set up කරගන්න 

Social media කියන්නේ ඔයාගේ ව්‍යාපාරය promote කිරීමට සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමට පහසු සහ ලාබදායී ක්‍රමයක්.

ඔයා ඉලක්ක කරන ගනුදෙනුකරුවන් සමඟ සමීප වෙන්න කුමන social media platforms වඩාත් ඵලදායී වේද යන්න තීරණය කිරීමට ඔයාගේ market research භාවිතා කරන්න.

ඔයාගේ ව්‍යාපාරයට විවිධ platforms වල accounts තිබෙනවා නම්, ඔයාට social media management system එකක් භාවිතා කරන්න පුළුවන්. මේ tools ඔයාගේ හැම channel එකක්ම එක තැනකින් කළමනාකරණය කිරීමට සහ මොන විදිහේ posts වඩා හොඳින් ප්‍රතිඵල ලබා දෙනවද කියලා බලාගන්න උදව් වෙනවා.

ඔබේ ව්‍යාපාරයේ, social media පාලනය කරන්නේ කවුරුන්ද යන්න තීරණය කරන්න. සමාජ මාධ්‍ය සඳහා වෙන් කරන කාලය සහ සම්පත් පිළිබඳව පැහැදිලිව අවබෝධ කරගන්න. අක්‍රමවත් විදිහට platforms කිහිපයක් භාවිත කරනවාට වඩා platforms 1ක් හෝ 2ක් හොඳින් පවත්වාගෙන යාම වඩා සුදුසුයි.

4 . advertising ආරම්භ කරන්න

advertising ඔබට ගනුදෙනුකරුවන් වෙත ළඟා වෙන්න වගේම ඔයාගේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඔවුන්ව දිරිමත් කරන්නත් උදව් වෙනවා.

Digital advertising වලට social media ads, search engines, email marketing සහ websites වල පල කරන ads ද ඇතුළත් වෙනවා. සාම්ප්‍රදායික advertising ක්‍රම අතරට රූපවාහිනිය, ගුවන්විදුලිය, මුද්‍රිත මාධ්‍ය සහ පොදු ස්ථානවල පල කරන දැන්වීම්ද ඇතුළත්.

advertising කරන්නේ කොහේද සහ කෙසේද යන්න තීරණය කිරීමේදී, ඔබේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් සහ ඔවුන් ප්‍රතිචාර දක්වන වෙළඳ දැන්වීම් වර්ගය ගැන සිතීම වැදගත්.

ඔබ වෙළඳ දැන්වීම් වටා ඇති නීති සහ රෙගුලාසි අනුගමනය කළ යුතුයි. එහිදී ඔයාගේ දැන්වීම් හරහා අසත්‍ය හෝ නොමඟ යවන කිසිවක් නොකියන බවට වග බලා ගැනීම ද ඇතුළත් වෙනවා.

අද සහ කලින් article එකේ කතා කරමු හැමදේම සාරාංශයක් විදිහට ගත්තම, ඔයාගේ business එකට customers ලා ආකර්ෂණය කරගැනීමට අදාළ ඔයාගේ checklist එක වෙන්නේ;

  • ඔබේ ඉලක්කගත ගනුදෙනුකරුවන් හඳුනාගෙන කොටස් කරන්න
  • marketing plan එකක් හදාගන්න 
  • marketing සඳහා අදාළ වෙන legal rules තේරුම් ගන්න
  • hosting service එකක් content management system (CMS) එකක් සහ ecommerce platform (අවශ්‍ය නම්) එකක් තෝරාගන්න
  • ඔයාගේ website එක Design කරන්න 
  • ඔයාගේ Web content එක හදන්න 
  • Website එක test කරලා errors ඇත්නම් fix කරගන්න 
  • ඔයාගේ website එකේ security එක check කරන්න 
  • ඔයාගේ website එක launch කරන්න
  • භාවිතා කළ යුතු social media platforms තෝරන්න
  • social media management system එකක් අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු කරන්න
  • ඔයාගේ social media කළමනාකරණය කරන්නේ කවුරුන්ද යන්න තීරණය කරන්න
  • ඔබේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් සඳහා හොඳම වෙළඳ දැන්වීම් වර්ග තීරණය කරන්න
  • ඔබේ දැන්වීම් එම ප්‍රේක්ෂකයින්ට ගැලපෙන පරිදි සකස් කරන්න
  • ප්‍රචාරණය සඳහා නීති අනුගමනය කරන්න
  • ඔයාගේ business එකට අවශ්‍ය සේවකයින් බඳවා ගන්න විදිහ ගැන ඊළඟ article එකෙන් කතා කරමු.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025