තවත් පුද්ගලයෙකුට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කිරීම ඕස්ට්‍රේලියාවේ නීතියට පටහැනියි. පහරදීම අපරාධයක් වන අතර ඒ සඳහා දැඩි දඬුවම් නියම වෙනවා. ඕනෑම පුද්ගලයෙකුට, පිරිමියෙකුට, කාන්තාවකට, දරුවෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට ප්‍රචණ්ඩකාරී වීම නීතියට පටහැනියි.
ගෘහස්ථ සහ පවුල් හිංසනය
ඕස්ට්‍රේලියානු රජය කිසිදු තත්වයක් යටතේ ගෘහස්ථ සහ පවුල් හිංසනයට ඉඩක් ලබා දෙන්නේ නැහැ. ගෘහස්ථ සහ පවුල් හිංසනය නීතියට පටහැනි අපරාධ ලෙස සලකනවා. මෙම අපරාධ සිදු කරන පුද්ගලයෙකුට ඔවුන් පිරිමියෙකු හෝ කාන්තාවක් වුවද සිර දඬුවම් නියම කෙරෙනවා.
ගෘහස්ථ සහ පවුල් හිංසනයට, තම සහකරු (පිරිමි හෝ ගැහැණු) හෝ දරුවෙකු බිය ගැන්වීමෙන් හෝ ඔවුන්ගේ ආරක්ෂාවට සහ යහපැවැත්මට තර්ජනය කිරීමෙන් පාලනය කිරීම අරමුණු කරගත් හැසිරීම් හෝ තර්ජන ඇතුළත් වෙනවා.
මෙම හැසිරීම හෝ තර්ජන වැඩිහිටියෙකුට, දරුවෙකුට හෝ දේපළකට යොමු කළ හැකි අතර මේවාට පහර දීම, හුස්ම හිර කිරීම, සහකරුට හෝ පවුලේ සාමාජිකයින්ට අත්‍යවශ්‍ය මුදල් ප්‍රතික්ෂේප කිරීම, සහකරු මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් හුදකලා කිරීම, අපහාස කිරීම, දරුවන්ව නිරන්තරයෙන් විවේචනය කිරීම හෝ තර්ජන කිරීම ඇතුළත් විය හැකියි.
ඔබත් මෙවැනි අවස්ථාවකට මුහුණ දෙනවානම් කතා කරන්න 1800RESPECT වෙත. මෙය ඕස්ට්‍රේලියාවේ ජාතික family and sexual violence counselling සේවාවවයි.මෙය දවසේ ඕනෑම වෙලාවක ඔබ වෙනුවෙන් සිටිනවා.
1800RESPECT – 1800 737 732
ඒ වගේම ඔයාට පුළුවන් 0458 737 732 අංකයට text පණිවුඩයක් යවන්න හෝ 1800RESPECT website එක හරහා online chat සහ video call හරහා සම්බන්ධ කරගන්න.
වැඩි විස්තර දැනගන්න 1800respect.org.au වෙබ් අඩවියට යන්න.
ඉතාමත් හදිස්සි අවස්තාවකනම් 000 අමතා ක්ෂණික සහය ලබා ගන්න පුළුවන්.